සංවර්ධන බැඳුම්කර නිකුතුවේ ලංසු ප්‍රතික්ෂේප වෙයි

    June, 28, 2016

    ඊයේ (27) දිනයේ දී අවසන් වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව සඳහා ලැබී තිබුණු සියලු ලංසු ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

    පසුගිය ජූනි 21 වැනිදා ආරම්භ කරන ලද මෙම සංවර්ධන බැඳුම්කර නිකුතුව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක වටිනාකමකින් යුතු බැඳුම්කර ඉදිරිපත් කර තිබිණි. කල්පිරීමේ කාල තුනක් යටතේ අදාළ බැඳුම්කර සඳහා ලංසු කැඳවනු ලැබීය.

    කෙසේ වෙතත් මෙම බැඳුම්කර නිකුතුව සඳහා ලැබී ඇති සම්පූර්ණ ලංසුවල වටිනාකම රුපියල් මිලියන 213.22 ක් බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදන කර සිටී. අදාල සංවර්ධන බැඳුම්කර නිකුතුව පිළිබඳ සවිස්තරාත්මක සටහන පහත පරිදි වේ.