සණස ණයකරවලට අධිදායකත්වයක්

    December, 29, 2015

    සණස සංවර්ධන බැංකුව රුපියල් බිලියන 4 ක අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් විවෘත කරන ලද ණයකර නිකුතුවට මේ වන විට අධිදායකත්වයක් ලැබී ඇතැයි වාර්තා වේ.

    මෙහිදී රු. 100 බැගින් වූ ණයකර මිලියන 20 ක් මුල් අදියරේ දී නිකුත් කිරීමට පියවර ගැනුණු අතර, ඒ සඳහා අධිදායකත්වයක් පැවතුණහොත් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට සමාගම සූදානමින් සිටියේය.

    කෙසේ වෙතත් අද පසුවරු 4.30 දක්වා මේ සඳහා කෙරෙන අයදුම්පත් භාර ගැනීමට බැංකුව විසින් තීරණය කර තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates