March, 17, 2016
ලංකා සතොස ආයතනය විසින් ගෙවීමට ඇති හිඟ ණය මුදල් ගෙවීමට සහ හදිසි කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා අවශ්‍ය අරමුදල් භාණ්ඩාගාරය මඟින් සලසා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ලංකා සතොස ආයතනය රුපියල් මිලියන 14,078 ක බැංකු ණයක් මඟින් 2014 අගෝස්තු මාසයේදී සහල් මෙට්‍රික් ටොන් 257,853 ආනයනය කරන ලද අතර අපේක්ෂිත පරිදි අලෙවි කරගැනීමට නොහැකි වීම නිසා ලබාගත් ණය මුදල පියවීමට නොහැකි තත්ත්වයකට පත් වී ඇත. මේ වන විට එයින් රුපියල් මිලියන 5,742 ක් පමණ පියවා ඇති අතර හිඟ පොලිය ද සමඟ තවත් රුපියල් මිලයන 8,754ක මුදලක් ගෙවීමට නියමිතව ඇත.
මෙම සහල් තොගය ආනයනය කිරීම සඳහා වරාය ගාස්තු, ප්‍රමාද ගාස්තු, ප්‍රවාහන හා ගබඩා කිරීමේ වියදම්ද සහිතව රුපියල් මිලියන 17,000ක් පමණ වැය කරනු ලැබ ඇත. දැනට ඉතිරිව තිබෙන සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 3,048ක් මිනිස් පරිභෝජනයට සුදුසු නොවන බවට හඳුනාගෙන ඇත. ඉතිරි සහල් තොගය විකිණීමෙන් අපේක්ෂිත ආදායම, ගෙවිය යුතුව ඇති හිඟ ණය මුදල පියවීමට හා ලංකා සතොස ආයතනයේ එදිනෙදා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන කාරක ප්රාග්ධනය සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති හෙයින් කැබිනට් මණ්ඩලය විසින් මෙම පියවර ගෙන තිබේ.
Video Story