March, 15, 2016
ලංකා සතොස පුද්ගලීකරණයක් කිසිසේත් සිදුනොවන බව කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අවධාරණය කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ අද (15) දින වවුනියාවේ දී ජාත්‍යන්තර පාරිභෝගික හිමිකම් දිනය සැමරීමේ උත්සව අවස්ථාවකට එක්වෙමිනි.
‘‘මාගේ අමාත්‍යාංශය යටතේ පවතින ලංකා සතොස ආයතනය, පුද්ගලීකරණය කිරීමක් කිසිසේත් සිදුනොවන බව මා මෙහිදී අවධාරණය කරනවා. මෙය මහජනතාවට අයිති සම්පතක්. සතොස අලාභ ලැබූ කාලය අවසන්. ඉදිරියේ දී අපි මෙය කාර්යක්ෂම රාජ්‍ය ආයතනයක් බවට පත්කරනවා“, යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
Video Story