සතොස මෝටර්ස් සමාගම මෙරට ව්‍යාපාර වෙනුවෙන් වැඩි කියුබික් ධාරිතාවක් සහිත Isuzu NMR ඩම්ප් ට‍්‍රක් හඳුන්වා දෙයි

    November, 27, 2016

    මෙරට බරවාහන වෙළඳපොළේ දිගු කලක පටන් පැවති අඩුවක් සපුරාලමින් Isuzu NMR ඩම්ප් ට‍්‍රක් මෙරටට හඳුන්වා දීමට සතොස මෝටර්ස් සමාගම මෑතකදී කටයුතු කළේ ය. ඉහළම ක‍්‍රියාකාරීත්වය, වටිනාකම සහ කල්පැවැත්ම යනාදී ගුණාංග සපිරි මෙම රථය රටේ ව්‍යාපාරවලට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. පසුගිය නොවැම්බර් 22 වැනිදා කොළඹ 02 වොක්ෂෝල් වීදියේ අංක 25 දරන ස්ථානයේ පිහිටි සතොස මෝටර්ස් සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති උත්සවයකදී මෙම රථය නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. මෙම අවස්ථාවට Isuzu Japan සහ Itochu Trading සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නියෝජිත කණ්ඩායම් සහ සතොස මෝටර්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයෝ සහභාගී වූහ. මෙම නව රථය හඳුන්වා දීම, පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන එම අවශ්‍යතාවලට ගැළපෙන විසඳුම් තිළිණ කිරීම සඳහා සතොස මෝටර්ස් සමගම ගන්නා උත්සාහයේ තවත් ඉදිරි පියවරක් වන අතර මේ වනවිට ෂිම‘ම වාහන සඳහා එකම බලයලත් නියෝජිතයා ලෙස මෙරට සැහැල්ලූ වාණිජ රථවාහන කාණ්ඩයේ ප‍්‍රමුඛයා බවට පත්වීමටද එම සමාගම සමත් වී සිටී.

    ”අප ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙන ෂිම‘ම රථවාහන අතරට Isuzu NMR ඩම්ප් ට‍්‍රක් රථයද එක්කර ගැනීමට ලැබීම අපට විශාල සතුටක්. රටේ සැහැල්ලූ වාණිජ රථවාහන කාණ්ඩයේ ප‍්‍රමුඛයා ලෙස සතොස මෝටර්ස් සමාගම දශකයකට අධික කාලයක් තිස්සේ මෙරට ව්‍යාපාර සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. මේ ව්‍යාපාරවලට තම කටයුතු පහසු කරගැනීම සඳහා උසස් තත්ත්වයේ ඩම්ප් ට‍්‍රක් රථ වර්ගයක් අවශ්‍ය වී තිබෙන බව අපට පෙනුණා. Isuzu NMR ඩම්ප් ට‍්‍රක් රථය හඳුන්වා දීමට අප කටයුතු කළේ ඒ නිසයි. ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ඉදිකිරීම් ක්ෂේත‍්‍රවල අවශ්‍යතා සඳහා මෙම රථය බෙහෙවින් ප‍්‍රයෝජනවත් වේවි. රථය දියත් කිරීමටත් පෙර අපට ලැබුණු ප‍්‍රතිචාරවලින් පෙනී ගියේ අප පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනීමට සමත් වූ බවයි. මේ රථය සඳහා පාරිභෝගිකයන්ට වසර 3 ක හෝ කිලෝමීටර 100,000 ක සුවිශේෂී වගකීමක් හිමිවනවා. ජපානයේ නිෂ්පාදිත මේ රථ ඉතාමත් උසස් ප‍්‍රමිතියෙන් යුත්, දිගු කල් පවතින සහ යළි විකිණීමේදී ඉහළ වටිනාකමක් හිමිවන රථ ලෙස ප‍්‍රසිද්ධයි. මේ සියල්ල නිසා මේ රථය ව්‍යාපාරවලට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” සතොස මෝටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, දේශමාන්‍ය තිලක් ඩයස් ගුණසේකර මහතා පැවසී ය.

    Isuzu NMR ඩම්ප් ට‍්‍රක් රථයේ විශේෂතම ලක්ෂණ වන්නේ වැඩි බරක් පැටවිය හැකි වීම සහ වැඩි බලයක් තිබීමයි. එබැවින් එය ව්‍යාපාරවලට බෙහෙවින් ප‍්‍රයෝජනවත් ය. මෙම රථයේ ටොන් 2.7 ක බරක් රැුගෙන යා හැකි අතර 4HGI 4570 ජජ එන්ජිම 12hpයච බලයකින් යුක්ත වේ. වසර 3 හෝ කිලෝමීටර් 100,000 යන සීමාවන් දෙකෙන් මුලින් එළඹෙන සීමාව දක්වා දීර්ඝ වගකීමක් හිමිවීම පාරිභෝගිකයන්ට හිමිවන තවත් කැපීපෙනෙන වාසියකි. එමෙන්ම දුර ගමන්වලට සුදුසු වන පරිදි ලීටර් 75 ක ධාරිතාවෙන් යුත් ඞීසල් ටැංකියක්ද මෙම රථවල ඇතුළත් වේ.

    ලොව විශිෂ්ටතම රථවාහන බඳ නිපැයුම් සමාගමක් වන ජපානයේ Shin Maywa Industries විසින් මෙම ට‍්‍රක් රථයේ බඳ නිපදවා තිබීම එහි විශිෂ්ටත්වය තවත් වැඩිකිරීමට හේතුවක් වී තිබේ. ආකර්ෂණීය මිලකින් යුක්ත Isuzu NMR ඩම්ප් ට‍්‍රක් රථය ජපන් තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා නඩත්තු වියදම්ද අවම වනු ඇත.

    එමෙන්ම Isuzu NMR ඩම්ප් ට‍්‍රක් රථයක් මිලදීගැනීමේ තවත් වාසියක් වන්නේ සතොස මෝටර්ස් සමාගම පිරිනමන ජාත්‍යන්තර තලයේ අලෙවියෙන් පසු සේවාව සහ එහි අතිනවීන අලූත්වැඩියා මධ්‍යස්ථානයේ සේවාවන් හිමිවීමයි. රු. මිලියන 30 ක ආයෝජනයක් සමගින් සිය ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ නඩත්තු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සමාගම පියවර ගත් අතර ඉදිරියේදී රු. මිලියන 400 ක ආයෝජනයක් සමගින් පෑලියගොඩ ප‍්‍රදේශයේ අතිනවීන නඩත්තු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මේ වනවිට කටයුතු සැලසුම් කර තිබේ.


    Photo - Neomal Fernando (Assistant General Manager – SML), Kuzuo Goda (General Manager - Isuzu, Japan), Shinsuke Minami (Executive Officer – Isuzu, Japan), Deshamanya Tilak Dias Gunasekera (Managing Director – SML), Masahide Kitagawa (General Manager – Isuzu, Japan), Akinari Yokozaki (Assistant Manager – Shinmaywa, Japan), Eshan Cooray (Director Marketing – SML)