March, 23, 2016
තිරසාර වාණිජ වනවගාවේ නියැලෙන මෙරට පුරෝගාමී හා ප්රමුඛ සමාගමක් වන සදාහරිත වැවිලි සමූහය සිය වාර්ෂික හරිත සම්මාන උළෙල මේ මස 16 වැනිදා 'සිංහ නාදය' තේමාවට අනුව අත්තිඩිය, Eagles Banquets and Convention ශාලාවේදී අතිඋත්කර්ෂවත්ව පැවැත්විය.
සදාහරිත වැවිලි සමූහය වාණිජ වනවගාවේ නියැලෙන මෙරට පුරෝගාමී හා ප්‍රමුඛතම සමාගමකි. සදාහරිත වැවිලි සමාගමට මෙරට වාණිජ වනවගා ක්ෂේත්රයේ වසර 14 කට අධික කාලයක අත්දැකීම් හා පළපුරුද්ද හිමි අතර විශේෂයෙන්ම අගාවුඞ්, සුදු හඳුන්, මහෝගනී හා තේක්ක වනවගාව මෙන්ම තේ අපනයනය හා තවත් නිෂ්පාදන අංශ රැසක් තුළ සිය නාමය සනිටුහන් කිරීමට සමත්ව සිටී.
''සදාහරිත සමාගමේ ආදායම පසුගිය වසර හා සංසන්දනය කර බැලීමේදී 31% කින් වර්ධනය වී ඇති අතර ඒ සඳහා සෘජුවම අපගේ අලෙවි බලමුළුවේ දායකත්වය හිමිවී තිබෙනවා.'' සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිෂ් නවරත්න මහතා පැවසුවේය.
සදාහරිත වැවිලි සමාගම, වාණිජ වනවගාව හා තිරසාර වනවගා කළමනාකරණයට සුවිශේෂී දායකත්වය ලබාදෙමින් සමාගමේ වාර්ෂික ඉපයීම් වල වර්ධනයට නිරන්තරයෙන් කැපවන විකුණුම් බලකා විශිෂ්ටයින් 400 කට අධික ප්රමාණයකගේ දායකත්වය මෙම හරිත සම්මාන උළෙලේදී ඇගයීමට ලක්කරයි.
සදාහරිත සමාගමේ අලෙවි බලකාය ඇගයීමේ වාර්ෂික හරිත සම්මාන උළෙලේදී සිය විශිෂ්ටයින් 77 දෙනෙකුට සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන පුදකෙරුණි. සදාහරිත සමූහයේ කාර්ය මණ්ඩලයේ අනෙකුත් විශිෂ්ටයින්ට ද කාණ්ඩ කිහිපයක් යටතේ විශිෂ්ටතා හා ගෞරව සම්මාන පුදකිරීම මෙහිදී සිදුවිණි. නව ව්‍යාපාර, ගනුදෙනුකරුවන් රඳවා ගැනීමේ ප්‍රතිශතය, නව පිරිවැය උත්පාදනය හා සමස්ත ආදායම් ළගාකරදීමේ හැකියාව එම කාණ්ඩ අතරට ඇතුළත් විය.
''හරිත වාණිජ වනවගා අයෝජනයේ නිරත වෙළඳපල ප්‍රමුඛයා ලෙස සදාහරිත වැවිලි සමාගම අතිදියුණු තාක්ෂණික අත්හදාබැලීම් තුළින් ඉදිරියේදී රබර් වගාවේ ආයෝජනයට ද සූදානම් බව හදපිරි සතුටින් පැවසීමට කැමතියි. ඇක්විලාරියා ශාකය රබර් වගාවේ අතුරු වගාවක් ලෙස යොදාගැනීමට ද සදාහරිත වැවිලි සමාගම හා ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය මේවන විට අත්වැල් බැඳගෙන සිටියි.'' සදාහරිත වැවිලි සමාගමේ ඉදිරි සැලසුම් පිළිබඳ අදහස් පළකල සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිෂ් නවරත්න මහතා පැවසුවේය.
හරිත ආයෝජනයේ පුරෝගාමියා වන සදාහරිත වැවිලි සමාගම ආයෝජකයින්ට සුවිශාල ප්රතිලාභ අත්කරදෙන මෙන්ම මිහිතලය සුරක්ෂිත කිරීමට දායක වන විශ්වාසදායී වාණිජ වනවගා ආයෝජනයේ අවස්ථාව මෙරට ප්‍රජාව වෙත හිමිකරදී ඇත.
සදාහරිත වැවිලි සමාගම පිළිබඳ වැඩිදුර තොරතුරු 0115234000 දුරකථන අංකයෙන් හෝ www.sadaharitha.com වෙබ් අඩවිය මගින් දැනගත හැකිය.
Video Story