February, 26, 2016
වල්ලපට්ට ශාකය තෙත් කලාපීය වනාන්තර වල වැවෙන උප වියන් ශාකයක් ලෙස විද්‍යාත්මක වර්ගීකරණයට ලක්කර ඇත. වල්ලපට්ට ශාකයේ අරටුව තුළ අගාවුඞ් නමින් හඳුන්වන දුර්ලභ ගණයේ පටකයක් නිර්මාණය වන අතර මෙය වර්ධනය වන්නේ දිලීර ආසාදනය හෝ වෙනත් බාහිර බලපෑමක් නිසා ගස ආරක්ෂාවීමට ගන්නා ප‍්‍රතිඵලයක් වශයෙනි. කෙසේවුවත්, සියලූම වල්ලපට්ට ශාක වල අගාවුඞ් පටක ඇතිවීමට අවශ්‍ය දිලීර ආසාදන ඇති නොවෙයි.
සදාහරිත වැවිලි සමාගමට මෙරට තුළ අගාවුඞ් බීජ ආනයනය, පැළ අලෙවි කිරීම, නඩත්තු කිරීම, එම ගස්වල වර්ධනය වූ අස්වැන්න මිලදීගැනීම මෙන්ම අවසන් අපනයනය වෙනුවෙන් ද මූලිකත්වය ගෙන ක‍්‍රියා කරයි. ක්ෂණික ලාභ ඉපයීමේ අරමුණ පෙරදැරිව කිසිදු වගවිභාගයක් නොමැතිව වල්ලපට්ට ශාක කපා දැමීම තුළින් මෙරට තුළ සිදුකරන වන විනාශ හේතුවෙන් වල්ලපට්ට ශාක සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව සදාහරිත සමාගම අවධාරණය කර සිටියි.
''විශේෂඥ දැනුම හා තාක්ෂණයේ හිඟකම හේතුවෙන් එක් වල්ලපට්ට ශාකයක් සොයාගැනීමේ අරමුණින් ජාවාරම්කරුවන් සමස්ත වන සම්පත විනාශ කරදමයි. මෙලෙස සිදුකරන ස්වභාවික වන විනාශය මහජනතාව අතර ද මහත් කැළඹීමක් ඇතිකිරීමට හේතුවී ඇත.'' සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිෂ් නවරත්න මහතා පැවසුවේය.
මීට අමතරව ස්වභාවිකව වැවෙන බොහෝ වල්ලපට්ට ශාක රජයේ සංරක්ෂිත භූමි හා වන ප‍්‍රදේශ ආශ‍්‍රිතව පිහිටා ඇත. වල්ලපට්ට සෙවීමේ අරමුණින් යුතුව ස්වභාවික වන ප‍්‍රදේශ විනාශකර දැමීම හේතුවෙන් මේ වනවිට වල්ලපට්ට ශාක 1-2 ] පමණ ප‍්‍රමාණයක් මෙරට තුළ ශේෂ වී ඇත.
සදාහරිත සමාගම නිරන්තරයෙන් අගාවුඞ් වගාව හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් අගාවුඞ් ලබාගන්නා නොදියුණු ක‍්‍රමවේද පිළිබඳ මහජනතාවට අනතුරු අඟවා සිටියි. මිනසෝටා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබට් බ්ලැන්ෂට් සිදුකළ අත්හදා බැලීමෙන් පසුව මේ වනවිට සදාහරිත සමාගම මගින් භාවිත කරන CA-kit තාක්ෂණය හා සසඳා බලන විට කාර්යක්ෂම බවින් යුතු, පිරිසිදු හා තිරසාර බවින් යුතු අගාවුඞ් අස්වැන්නක් ලබාගත හැකි අන් කිසිදු තාක්ෂණයක් නොමැත.
''අගාවුඞ් අස්වැන්න නෙළාගැනීමට යොදාගන්නා බොහෝ නව ක‍්‍රමවේද හා තාක්ෂණය අද වන විට ලොව තුළ පවතිනවා. කෙසේවුවත්, CA-kit තාක්ෂණය මෙරට තුළ භාවිත කිරීමට පේටන්ට් බලපත‍්‍ර හිමිවී තිබෙන්නේ අප සමාගමටයි.'' සතිෂ් නවරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.
සදාහරිත සමාගම මෙරට පවතින වගකීම් සහගත වැවිලි සමාගමක් ලෙස අගාවුඞ් වගාවේ දියුණුවට අවශ්‍ය සුවිශේෂී සම්පත් වර්ධනයට අඛණ්ඩව කැපවෙයි. ''2010 වසරේ සිට මෙම ශාක වලින් ඉහළ අගාවුඞ් අස්වැන්නක් නෙළාගැනීමේ සාම්ප‍්‍රදායික හා නවීන ක‍්‍රමවේද පිළිබඳ අප පර්යේෂණ සිදුකර තිබෙනවා. සදාහරිත සමාගම CA-kit තාක්ෂණය මෙරට තුළ භාවිත කිරීමේ බලය හිමි එකම වැවිලි සමාගම වන නිසා වාණිජ මට්ටමේ අගාවුඞ් ලබාගැනීමට සුදුසු සුවිශේෂී ආයෝජනයක් ලෙස මෙය හැඳින්විය හැකියි.'' ඔහු පැවසුවේය.
කෙටිකාලීනව ක්ෂණික ලාභයක් ඉපයිය හැකියැයි පවසන ව්‍යාජ අගාවුඞ් ආයෝජනයන්ට නොරැවටෙන ලෙස ද සදාහරිත සමාගම සිය පාරිභෝගිකයින්ට අනතුරු අඟවා සිටියි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නවරත්න මහතා පවසා සිටියේ, CA-kit තාක්ෂණය යොදාගනිමින් අගාවුඞ් ලබාගන්නා ප‍්‍රමාණය තරම් ප‍්‍රමාණයක් CA-kit තාක්ෂණය යොදා නොගන්නා ශාකයන්ගෙන් ලබාගත නොහැකි බවයි. ඒ හේතුවෙන් වෙනත් ව්‍යාජ වගාවන් වල ආයෝජනය කරන ආයෝජකයින්ගේ බලාපොරොත්තු සඵල නොවූ විට දැඩි දුෂ්කරතා වලට මුහුණදීමට ඔවුන්ට සිදුවනු ඇත. ඔවුන් උගුලකට හසුවූ බව ද දැනගැනීමට හැකිවන්නේ වසර 6-8 ක පමණ කාලයක් ගතවූ පසුව වීම මෙහිදී මුහුණදීමට සිදුවන විශාලතම අවධානම වන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
Video Story