January, 22, 2016
වාණිජ වනවගා ක්ෂේත‍්‍රයේ නිරතව සිටින තිරසාර වනවගාව වෙනුවෙන් කීර්තිය හිමිකරගෙන සිටින සදාහරිත වැවිලි සමාගම පසුගිය ජනවාරි 20 වැනි දින මතුගම පිහිටි පාන්තිය වත්තේදී අගාවුඞ් අස්වැන්න ලබාගන්නා ආකාරය මාධ්‍ය හමුවේ පෙන්නුම් කිරීම සිදුවිය. ජාත්‍යන්තර වෙළඳපල තුළ අගාවුඞ් වලට හිමිවන ඉහළ ඉල්ලූමත් සමග වල්ලපට්ට ගස් කපා දමමින් නීති විරෝධී ආකාරයට අගාවුඞ් ලබාගැනීම සිදුවෙයි. කෙසේවුවත්, ස්වභාවික තත්ත්ව යටතේ වල්ලපට්ට තුළින් කිසිසේත්ම අගාවුඞ් ලබාගැනීමට නොහැකි අවස්ථා පවතින අතර සමහර අවස්ථා වලදී මෙලෙස ලබාගන්නා අගාවුඞ් ප‍්‍රමාණය සියයට 2-5 ක් වැනි අවම මට්ටමක පවතියි.
''වල්ලපට්ට'' මෙරටට ආවේණික ශාකයක් ලෙස තෙත් හා අතරමැදි කලාපයන් වල බහුල වශයෙන් වැවෙන අතර මෙරට තුළින් ජාත්‍යන්තර වෙළඳපලට ගමන් කරන ජාවාරමක් බවට ද මෙය පත්වී ඇත.
සදාහරිත වැවිලි සමාගම මගින් වසර ගණනාවක් පුරා සිදුකරන පර්යේෂණ හා ආයෝජන තුළින් මනා වාණිජ හා ආර්ථික ප‍්‍රතිලාභ හිමිවන අන්දමට අගාවුඞ් නිපදවන ආකාරය හඳුනාගෙන ඇත. මෙරට තුළ වාණිජමය වශයෙන් අගාවුඞ් අස්වැන්න නිපදවීම හා ලබාගැනීම සඳහා වන වඩාත් සාර්ථකම ක‍්‍රමවේදය වන්නේ CAKit තාක්ෂණයයි. CAKit තාක්ෂණය මෙරට තුළ භාවිත කිරීමේ පේටන්ට් බලපත‍්‍රය හිමි එකම සමාගම වන්නේ සදාහරිත වැවිලි සමාගමයි. සදාහරිත වැවිලි සමාගම මගින් වාණිජමය අගාවුඞ් නිපදවන ගුණාත්මක බවින් ඉහළ ශාකයක් වන ''ඇක්විලාරියා ක‍්‍රස්නා (Aquilaria Crassna)විශේෂයට අයත් ශාක මෙරට තුළ අලෙවි කරයි. ඇක්විලාරියා ක‍්‍රස්නා ශාක වලට CAKit තාක්ෂණය යොදාගැනීමෙන් පසු මෙම ශාක මගින් ලැබෙන අගාවුඞ් අස්වැන්න සියයට 60-70 අතර ප‍්‍රමාණයකින් වර්ධනය කළ හැකිය.
වල්ලපට්ට ශාක වල අගාවුඞ් ස්වභාවිකව නිෂ්පාදනය වුවද එය ශාකයේ සමස්ත කඳ පුරා පැතිරී නොයන බැවින් ස්වභාවිකව නිපදවෙන අගාවුඞ් ප‍්‍රමාණය අඩු මට්ටමක පවතින බව සදාහරිත වැවිලි සමාගම මගින් සිදුකළ පර්යේෂණ දත්ත මගින් අනාවරණය වී ඇත.
''අද අප අගාවුඞ් අස්වැන්න නෙළීමේදී දුටු ආකාරයට CAKit තාක්ෂණය මගින් ඉහළ අගාවුඞ් අස්වැන්න සාර්ථකව ලබාගැනීමට හැකියි. මෙම ශාක මගින් ඉහළ අගාවුඞ් අස්වැන්නක් හා විවිධ වර්ගයේ අගාවුඞ් ලබාගන්නා ආකාරය පිළිබඳ අප තවදුරටත් පර්යේෂණයන් සිදුකිරීමට අදහස් කරගෙන සිටිනවා.'' සදාහරිත වැවිලි සමාගමේ ප‍්‍රධාන පර්යේෂණ උපදේශක ආචාර්ය උපුල් සුභසිංහ මහතා පැවසුවේය.
''සදාහරිත වැවිලි සමාගම මෙරට තුළ වාණිජ වන වගාවේ නිරත වගකීම් සහගත සමාගමක් ලෙස හරිත ආර්ථිකය ප‍්‍රචලිත කිරීමට හා තිරසාර අගාවුඞ් අස්වැන්නක් ලබාගැනීමට කටයුතු කරනවා. සදාහරිත සමාගම සතු සුවිශේෂී CAKit තාක්ෂණය යොදාගනිමින් ඉහළ අගාවුඞ් අස්වැන්නක් ලබාගැනීමට හැකි බව අද දින අගාවුඞ් අස්වැන්න නෙළාගන්නා ආකාරය දුටු ඔබ සියලූදෙනා හට මනාව දැකගැනීමට ලැබුණා. එබැවින්ම, අප සතු CAKit තාක්ෂණය සියලූම ආයෝජකයින් හට ද ඉමහත් ශක්තියක් වී තිබෙන බව නිසැකයි. සදාහරිත වැවිලි සමාගමේ පර්යේෂණ විශේෂඥයින් සමග එක්වී ඉදිරියටද මෙම CAKit තාක්ෂණය වැඩිදියුණු කිරීමට අප කටයුතු කරනවා.'' සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිෂ් නවරත්න මහතා පැවසුවේය.
''මෙහිදී සඳහන් කළ යුතු තවත් සුවිශේෂී කරුණක් වී තිබෙන්නේ අගාවුඞ් වලට වාණිජ වටිනාකමක් හිමිකරදෙමින් වාණිජ වනවගා ආයෝජනයක් ලෙස අගාවුඞ් හඳුන්වාදීමත් සමග මෙරටට විදෙස් ආයෝජන උපයාදීමට ද දායකත්වය ලබාදීමට හැකිව තිබීමයි. දිවයිනේ විවිධ ප‍්‍රදේශ ආශ‍්‍රිතව අගාවුඞ් වගාව සිදුකිරීමත් සමග ඒ හරහා රැකියා අවස්ථා ගණනාවක් බිහිකිරීම මගින් දේශීය ආර්ථිකය සංවර්ධනයට ද සදාහරිත සමාගම දායක වෙයි. සදාහරිත සමාගම මෙරටට විදේශ විනිමය උපයාදෙන දැවැන්ත සමාගමක් බවට පත්වනු ඇති බව අගාවුඞ් අස්වැන්න නෙළාගන්නා මේ අවස්ථාව තුළින්ම දැකගත හැකියි.'' මෙහිදී අදහස් දැක්වූ සදාහරිත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා පැහැදිලි කර සිටියේය.
ලොව විශාලතම සුඳුහඳුන් සැපයුම්කරු වන වෙස්කෝප් ඕස්ටේ‍්‍රලියා සමාගම සමග සදාහරිත සමාගම ඇතිකරගෙන තිබෙන එකඟතාවය තුළින් සමාගම ශක්තිමත් වන අතර අගාවුඞ් වගා ආයෝජකයින්ගේ සුරක්ෂිතතාව ද සහතික වී ඇත. ආයෝජනය කෙරෙහි සහතික වී තිබෙන සුරක්ෂිතතාව සදාහරිත සමාගමේ ආයෝජනය සිදුකරන ඕනෑම ආයෝජකයකු හට අතිශයින් වැදගත් වන ප‍්‍රධාන කරුණ වී ඇති අතර පසුගිය දශකය පුරා අඛණ්ඩ වර්ධනයක් හිමිකරගත් සදාහරිත සමාගමේ ශක්තිය බවට ද එම කරුණ පත්වී ඇත. එමෙන්ම, සදාහරිත සමාගම මෙරට තුළ හරිත හා කෘෂිකාර්මික ආයෝජනයන්ට විශ්වාසවන්ත නාමයක් දිනාගෙන ඇති අතර එම විශ්වාසවන්ත නාමය තවදුරටත් සහතික කරමින් සදාහරිත සමාගමට අඛණ්ඩව ඉදිරියට ගමන් කිරීමට හේතුවනු ඇත්තේ ද විශ්වාසවන්ත ආයෝජනය පිළිබඳ මෙරට තුළ හිමිකරගෙන සිටින විශ්වාසවන්තභාවයයි.
Video Story