December, 10, 2015
සන්නිවේදන කුළුණක් සඳහා අයකරන ගාස්තුව මෙවර අයවැය යෝජනා තුළින් ඉහළ දැමීම නිසා කර්මාන්තයට සැලකිය යුතු බලපෑමක් එල්ල වන්නේ නැති බව ඩයලොග් ආසියාටා අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ කොළඹ ඩයලොග් ප්‍රධාන මූලස්ථානයේ දී පැවති උත්සවයක් අතුරතුර අද දෙරණ Biz කළ විමසීමකදී ය.
පරිසරයට ඇති සෘණාත්මක බලපෑම සලකා බලා සන්නිවේදන කුළුණක් සඳහා අයකරන වාර්ෂික ගාස්තුව රුපියල් 50,000 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව මෙවර අයවැය කතාවේ දී මුදල් අමාත්‍යවරයා කියා සිටියේය.
Video Story