සන්නිවේදන සමාගමක් මූල්‍ය සමාගමක බලය අල්ලයි

    September, 12, 2017

    කාගිල්ස් බෑන්ක් ලිමිටඩ් සතුව තිබූ Colombo Trust Finance PLC හි 80.34% ක බහුතර කොටස් අයිතිය අද (12) දිනයේ දී විකුණා දමා ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙහිදී Colombo Trust Finance PLC සමාගමේ කොටස් 37,374,598 ක් රු. 28.70 බැගින් ගනුදෙනු වී තිබේ. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියනය (රු. 1,072,650,962.60) ඉක්මවා තිබේ. මෙම ගනුදෙනුවත් සමග අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2 සීමාව ඉක්මවා ඇත.

    වාර්තා වන අන්දමට මෙරට ප්‍රමුඛ පෙළේ සන්නිවේදන සමාගමක් සිය ව්‍යාපාර කටයුතු විවිධාංකරණය කිරීමේ දැවැන්ත පියවරක් වශයෙන් Colombo Trust Finance PLC සමාගමේ බහුතර කොටස් හිමිකම මිල දී ගෙන ඇති බව වාර්තා වේ.