January, 3, 2017
සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දෙවැනියට විශාලතම කොටස් හිමියා වූ Lamurep Investments ලිමිටඩ් විසින් පසුගිය 2016 දෙසැම්බර් 28 වන දින සිට කොටස් හිමිකාරීත්වය තවදුරටත් වර්ධනය කර ගන්නා ලදී. මෙහිදී සමාගමේ පස් වැනියට විශාලතම කොටස් හිමියා වූ Tansinghe (Private) Limited සතුව තිබූ කොටස් මිලියන 16 ක් හෙවත් 11.85% ක ප්‍රමාණය, Lamurep Investments ලිමිටඩ් විසින් කොටසක් රු. 47.50 බැගින් මිල දී ගනු ලැබීය.
මේ අනුව සන්ෂයින් හෝල්ඩිංග්ස් හි 32.45% ක කොටස් අයිතිය Lamurep Investments ලිමිටඩ් සතුවන අතර එය ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 43.85 කින් සමන්විත වේ.
කොටස් වෙළෙඳපොළ නියාමනයන් ප්‍රකාරව, සමාගම් අත්පත් කර ගැනීමේ හා ඒකාබද්ධ කිරීමේ 1995 වගන්තිය අනුව (2003 දී සංශෝධනය කරන ලද) ඉතිරි කොටස් මිලියන 91.28 ක ප්‍රමාණය අත්පත් කර ගැනීම සඳහා Lamurep Investments මේ වන විට ස්වෙච්ඡා අර්පණයක් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් සමාගමේ සෙසු විශාලතම කොටස්කරුවන් කිහිප දෙනෙකු වන ආචාර්ය ටී. සෙන්තිල්වේල් (22.42%), ඩීප්කාර් ලිමිටඩ් (18.94%), සිලෝන් ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් ලිමිටඩ් (2.22%) හා ඩී. ගෝවින්දසාමි (0.33%) යන කොටස්කරුවන්, කිසිදු අර්පණයක් භාර ගැනීමට සූදානම් නැති බව සමාගම වෙත මේ වන විට දැනුම් දී තිබේ.
Video Story