October, 21, 2014
සපුගස් කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා මේ වනවිට ආයෝජකයින් 06 දෙනෙකුගෙන් පමණ යෝජනා ලැබී තිබුණත් අදාළ ව්‍යාපෘතිය සිදුකිරීමට අවශ්‍ය ණය සම්පාදනය කරගනිමින් එය සිදුකිරීමට තවමත් සතුටුදායක යෝජනාවක් කිසිවෙකු විසින් ලබාදී නොමැති බව අනාවරණය වේ.
සපුගස් කන්ද තෙල් පිරිපහදුව මගින් දිනකට පිරිපහදු කරන බොරතෙල් බැරල් ප්‍රමාණය බැරල් 50,000 ක සිට බැරල් 100,000 ක් දක්වා වැඩිකර ගත හැකි ලෙස නවීකරණය කිරීම සඳහා ඩොලර් මිලියන 1800 ක් පමණ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
මෙම නවීකරණ කටයුතු සඳහා සහභාගීවීමට මේ වනවිට ජපාන සමාගමක්, චෙකොස්ලෝවැකියානු සමාගමක්, චීන සමාගම් 02 ක්, ඇමරිකානු සමාගම් 02 ක් යෝජනා ලබාදී ඇත.
මෙම සමාගම් යෝජනා ලබාදුන්නද ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල් ණය මගින් සම්පාදනය කර ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි අදහසක් ඉදිරිපත් කිරීමට සමත්වී නොමැති බව හෙළිවේ.
අනාවරණය වන්නේ මේ නිසා ඛනිජ තෙල් සංස්ථාව මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේ යෝජනාව චීනයට ඉදිරිපත් කිරීමට අදහස් කර තිබෙන බවයි.
චීනය විසින් මේ වනවිට ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් සිදුකරමින් සිටී.
Video Story