සපුගස්කන්ද විදුලි බලාගාරයට ලිහිසි තෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව Lanka IOC සහ Chevron Lubricants වෙත

    March, 26, 2025

    2025 මාර්තු මාසයේ සිට 2026 පෙබරවාරි මාසය දක්වා සපුගස්කන්ද විදුලි බලාගාරයේ ස්ථාපිත කර ඇති SEMT Pielstick PC 4.2 ඩීසල් එන්ජින් (A බලාගාරය) සඳහා සහ MAN B&W 8L ඩීසල් එන්ජින් (B බලාගාරය) සඳහා ලිහිසි තෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා මෙහෙයුම් හා නඩත්තු අත්පොතෙහි දක්වා ඇති පරිදි මුල් උපකරණ නිෂ්පාදක විසින් නිර්දේශ කර ඇති සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.

    ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව A බලාගාරය සඳහා ලිහිසි තෙල් ලීටර 414,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව Lanka IOC PLC වෙත ප්‍රදානය කිරීමටත්, B බලාගාරය සඳහා ලිහිසි තෙල් ලීටර 389,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව Chevron Lubricants Lanka PLC වෙත ප්‍රදානය කිරීමටත් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.