සමලිංගිකයෙක් වීම ගැන ආඩම්බර යැයි ඇපල් සමාගමේ ලොක්කා කියයි

    October, 31, 2014

    ලොව සුප්‍රකට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, ටිම් කුක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන්නේ තමා සමලිංගිකයෙකු බවත් එසේ වීම පිළිබඳව ආඩම්බර වන බවයි.

    සමලිංගිකයින් මුහුණ දෙන ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා සහාය ලබාදීමක් ලෙස මෙම ප්‍රකාශය කර ඇතැයි සඳහන්ය.

    මේ අනුව, ටිම් කුක් විසින් මේ සතියේදී අවධාරණය කළේ සමලිංගිකයින්ගේ අයිතිවාසිකම් රැකීම සඳහා ඔහු ජීවත්වන ප්‍රාන්තය වන ඇලබාමාහි බළධාරීන් පෙරට පැමිණිය යුතු බවයි.

    ටිම් කුක් විසින් සිය ලිංගිකත්වය අනාවරණය කිරීම හමුවේ ඔහු සමලිංගිකයින්ගේ චරිත ආකෘතියක්ව ඇතැයි (role model) BP සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ලෝඩ් බ්‍රවුන් සඳහන් කර තිබේ.

    ටිම් කුක් වැඩිදුරටත් පවසා තිබෙන්නේ තමා සමලිංගිකයෙකු වීම පිළිබඳව ආඩම්බර වන බවත් දෙවියන් වහන්සේ විසින් තමාට ලබාදුන් උසස් ත්‍යාගයක් ලෙසින් එය සලකන බවයි.

    ජීවිතයේ වඩාත් වැදගත් වන්නේ අනුන් වෙනුවෙන් තමා කරන්නේ කුමක්ද යන්න මිස වෙනත් කිසිවක් නොවන බව මාටින් ලූතර් කින්ග් ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ටිම් කුක් සඳහන් කර තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates