සම්පත් බැංකුවෙන් බිලයන 7 ක ණයකර නිකුතුවක්

    November, 4, 2015

    රුපියල් 100 බැගින් වූ ණයකර මිලියන 70 ක් නිකුත් කිරීමට සූදානම් බව සම්පත් බැංකුව ප්‍රකාශ කර සිටී.

    මෙහිදී පළමු අදියරේ දී අනාරක්ෂිත, යටත් කළ හැකි, නිදහස් කළ හැකි ණයකර මිලියන 50 ක් නිකුත් කරනු ඇත. ඒ සඳහා අධි ඉල්ලුමක් පැවතියහොත් තවත් මිලියන 20 ක ණයකර නිකුතු කිරීමට බැංකුව සැලසුම් කර ඇත.

    මේ අනුව සමස්ත ණයකර නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 7 කි.

    නොවැම්බර් 12 වැනි දින සම්පත් බැංකුවේ ණයකර නිකුතුව ප්‍රතිග්‍රහණය සඳහා විවෘත වීමට නියමිතය.

    Video Story

    Stock Market

    Exchange Rates