සම්පත් බැංකුව රුපියල් බිලියන 07 ක් ගැනීමට යයි

    October, 5, 2015

    ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 07 ක මුදලක් රැස්කර ගැනීමට මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව සූදානම් වේ.

    මේ අනුව, එකක් රුපියල් 100 ක් බැගින් වන ණයකර මිලියන 50 ක් නිකුත් කිරීමට සම්පත් බැංකුව සැලසුම් කර තිබෙන අතර නිකුතුවට අධි ඉල්ලුමක් ඇති වන්නේ නම් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කරනු ඇත.

    බැංකුව විසින් පසුගිය වසර දෙක තුළදී ණයකර නිකුතු දෙකක් තුළින් රුපියල් බිලියන 11 ක මුදලක් රැස්කර ගන්නා ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates