සම්බාධක මගහැරීමට ලංකාව ඉරාන තෙල් තෙවන පාර්ශවයකින් ගන්නවාද?

    June, 21, 2014

    ඇමරිකානු සම්බාධක මග හැරීම සඳහා රජය විසින් තුන්වන පාර්ශවයක් මාර්ගයෙන් ඉරාන බොරතෙල් ආනයනය කරන්නේ යැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපුටා දක්වමින් පළකර තිබෙන මාධ්‍ය වාර්තා රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    මේ පිළිබඳව රජය පවසා තිබෙන්නේ ඇමරිකානු සම්බාධක මග හැරීම සඳහා තෙවන පාර්ශවයක් මාර්ගයෙන් ලංකාව ඉරාන බොරතෙල් ආනයනය නොකරන බවත් එම ප්‍රකාශය සාවද්‍ය බවයි.

    රොයිටර් පුවත් සේවය බ්‍රහස්පතින්දා වාර්තා කර තිබුණේ ඇමරිකානු සම්බාධක හමුවේ ලංකාව එය මගහැරීම සඳහා වෙනත් රට වලින් ඉරාන ඉන්ධන මිලදී ගන්නා බවයි.