November, 23, 2016
2007 අංක 7 දරන සමාගම් පනතෙහි සහ 2005 අංක 11 දරන වනතින් සංශෝධිත 1891 අංක 16 දරන සමිති ආඥාපනතෙහි විධිවිධාන යටතේ, සමාගම් රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් සඳහා අය කරනු ලැබූ සියලු ගාස්තු සංශෝධනය කිරීමට අදාළ 1990/12 අංක දරන 2016 ඔක්තෝබර් 25 දිනැති අතිවිශේෂ ගැසට් පත්රය, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මීට පෙර පසුගිය වසරේ 2016 අයවැය යෝජනා තුළින් ද සමාගම් ලියාපදිංචිය ඇතුළු සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුවේ සේවාවන් සඳහා වන ගාස්තු සංශෝධනය කිරීමට රජය විසින් පියවර ගනු ලැබීය.
මෙලෙස සමාගම් රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සංශෝධනය කරන ලද ගාස්තු සහිත 1990/12 අංක දරන 2016 ඔක්තෝබර් 25 දිනැති අතිවිශේෂ ගැසට් පත්රය දැක්වේ.