සමාගම් ලේකම්වරුන්ට කොටස් හුවමාරුවෙන් වැඩමුළුවක්

    May, 28, 2018

    ප්‍රාග්ධන වෙළෙඳපොළක දෛනික කටයුතු පිළිබදව අවබෝධයක් ලබාදීමට සහ ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ කටයුතුවල නිරන්තරයෙන් නියැලෙන සමාගම්වල කාර්ය මණ්ඩල පිරිස් අතර දැනුම පුළුල් කිරීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව විසින් වැඩමුළු මාලාවක් සංවිධානය කොට ඇත.

    මෙහි ප්‍රථම අදියර ලෙස සමාගම් ලේකම්වරුන් ඉලක්ක කරගත් වැඩමුළුවක් පසුගියදා පැවැත්විණි. මෙහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි කාර්යභාර්ය, සමාගම් පනතෙහි අන්තර්ගත ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධ විශේෂ කරුණු, කොටස් නිකුතුවකදී සහ අඛණ්ඩ ලැයිස්තුගතකිරීමේදී අනුගමනය කල යුතු අවශ්‍යතා හා ක‍රුණු සාකච්ඡාවට ලක්විය.

    කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන මහතා, වෙළෙඳපොළ ගනුදෙනු, ප්‍රවීක්ෂණ හා සාංගමික කටයුතු ප්‍රධානී නිලුපා පෙරේරා මහත්මිය, ලැයිස්තුගත කිරීම් ප්‍රධානී විදුනී දුල්ලෑව මහත්මිය සහ සාංගමික කටයුතු සහකාර කළමනාකරු තනුජා අලුවිහාරේ මහත්මිය විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.