සමිට් ෆිනෑන්ස් විකිණෙයි

    January, 16, 2017

    සමිට් ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් අද (16) දිනයේ දී විකුණා දැමීය.

    සමිට් ෆිනෑන්ස් සමාගමේ නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 75.54% ක්වූ මෙම කොටස් හිමිකාරීත්වය මිල දී ගනු ලැබූවේ ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගම විසිනි.

    රු. 30.00 බැගින් කොටස් 16,996,650 ක් මෙහිදී අලෙවි කරනු ලැබූ අතර රු. 509,899,500 ක පිරිවැටුමක් මෙම ගනුදෙනුව හරහා වාර්තා විය.