June, 30, 2016
ශ්‍රී ලංකාව හා චෙක් ජනරජය අතර ද්විපාර්ශ්වික වෙළඳ හා ආර්ථික සබඳතා පුළුල් කිරීම, දෙරටෙහි ආර්ථික හා ආයෝජන අවස්ථා හඳුනා ගැනීම, දෙරටෙහි ව්‍යවසාය ආයතනයන් අතර මනා සම්බන්ධතාවක් ඇති කරගනිමින් සමීප වෙළඳ හා කාර්මික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම යනාදී අරමුණු පෙරදැරිව, අන්‍යෝන්‍ය සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සහ චෙක් ජනරජයේ කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය අතර සහයෝගිතා ගිවිසුමකට එළඹ ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ආවරණ අනුමැතිය ලබා දෙන ලදී.
යුරෝපා සංගමයේ සාමාජික රටක් වන චෙක් ජනරජය සංවර්ධිත වෙළඳපොළ ආර්ථිකයක් සහිත ඉහළ කාර්මීකරණයකට ලක්වූ රටකි. වර්තමානයේ ශ්‍රී ලංකාව විසින් චෙක් ජනරජය වෙත සිදු කරනු ලබන ඇඟලුම්, තේ ඇතුළු අපනයනයන්හි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 50ක පමණ වන අතර, ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ ආනයන චෙක් ජනරජය වෙතින් වාර්ෂිකව සිදු කරනු ලබයි.