සහල් සැපයුම වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

    January, 11, 2016

    ඉදිරි දින කිහිපය තුළ දී වී අලෙවි මණ්ඩලයේ ගබඩා තුළ එක්රැස් කර ඇති නාඩු වී මෙට්‍රික් ටොන් 264,180 ක තොගයක් වහාම අලෙවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    2015/16 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන මෙම මාසයේ අවසාන භාගයේ දී ආරම්භ කළ යුතු බැවින් හා ඒ සඳහා ගබඩා පහසුකම් සූදානම් කරගත යුතුව ඇති බැවින් දැනට ගබඩා තුළ එක්රැස් කර ඇති වී තොග කඩිනමින් බැහැර කිරීමේ අවශ්‍යතාවය පැන නැඟී ඇති හෙයින් මෙම පියවර කරා එළඹීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව ආර්ථික කළමනාකාරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි හා ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභවේ ගනු ලැබූ තීරණය පරිදි නාඩු වී මෙට්‍රික් ටොන් 264,180 ක් අලෙවි කිරීමටත්, තවත් මෙට්‍රික් ටොන් 54,000 ක් ආරක්ෂිත තොගයක් ලෙසින් පවත්වා ගෙන යාමටත් මෙහිදී අනුමැතිය හිමිව තිබේ.