March, 26, 2025
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර බැංකු සමාගමක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව, මෙරට නිරත මෙහෙයුම් අංශ කිහිපයකින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ මෙරට Wealth සහ Retail යන මුල්‍ය සේවාවලින් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.
සිය සමූහයේ මූලෝපායික තීරණයක් ලෙසින් ශ්‍රී ලංකාවේ Wealth සහ Retail අංශ විකිණීම වෙනුවෙන් අවස්ථාවක් සොයමින් පසුවන බව, මේ සම්බන්ධයෙන් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම්දීමක් කරමින් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව කියා සිටී. ඒ සඳහා මාස 15 - 18 ක පමණ කාලයක් ගතවනු ඇති බවත්, එතෙක් සිය සේවාවන් සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවත් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් අද දෙරණ කළ විමසීමක දී අධිපතිවරයා පැවසුවේ, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමක් මෙහිදී සිදුනොවන බවයි. මේ වන විට ජාත්‍යන්තර බැංකු, ආයතනික බැංකු සේවාවන් වෙත වැඩි අවධානයක් යොමුකරනු ලබන අතර එහිදී Retail සේවාවන් වලින් ඉවත්වීම ඔවුන් මූලෝපායික වශයෙන් ගනු ලබන තීරණයක් බව ඔහු කියා සිටියේය.
“ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව දිගටම ශ්‍රී ලංකාව තුළ ඉන්නවා. Retail බැංකු කටයුතු සඳහා දේශීය බැංකුවලින් එල්ලවන තරඟකාරීත්වය වැඩියි. ඒ නිසා පිටරට බැංකුවක් මෙහේ ඇවිල්ලා Retail බිස්නස් කරද්දී, ඒගොල්ලෝ දකිනවා ඇති ඒකේ වාසියක් නැහැ කියලා. ඔවුන්ට වාසිය තියෙන්නේ අනෙකුත් මූල්‍ය සේවාවලට“ යනුවෙන් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.
Video Story