ස්විට්සර්ලන්තය සමඟ ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමක්

    July, 3, 2024

    ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟළුම් අංශය සඳහා ගෝලීය රෙදිපිළි සහ ඇඟළුම් වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිණිස ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර ව්‍යාපෘති ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත.
    එම ගිවිසුමට එළඹීම මඟින් ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කරමින් ගුණාත්මක හරිත නිෂ්පාදන කරා මාරු වීමේ කාර්යය පාදක කරගෙන රෙදිපිළි සහ ඇඟළුම් කර්මාන්තයේ පරිවර්තනයක් සඳහා ගෝලීය රෙදිපිළි සහ ඇඟළුම් වැඩසටහනේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.
    ඒ අනුව, එකී ගිවිසුමට අත්සන් තැබීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.