October, 27, 2016
'ඉ - ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය' සහ 'අන්තර්ජාලගත උපාංග (Internet of Things) ව්‍යාපෘතිය' යන ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීම සඳහා පිළිවෙලින් රුපියල් මිලියන 662 ක් හා රුපියල් මිලියන 133 ක් බැවින් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘති දෙක ක්‍රියාවට නැංවීමට නියමිතය.
'ඉ - ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය', තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන්නකි.
අන්තර්ජාලගත උපාංග භාවිතය වැඩිදියුණු කිරීම හා නවෝත්පාදනයන් සිදු කිරීම පිණිස පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්, තරුණ පරපුර හා තරුණ ව්‍යවසායකයින් දැනුවත් කිරීම සඳහා 'අන්තර්ජාලගත උපාංග (Internet of Things) ව්‍යාපෘතිය' ක්‍රියාවට නැංවෙනු ඇත.