October, 29, 2024
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 සැප්තැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 937.95 ක් වූ අතර එය 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 3.49% ක අඩුවීමක් වාර්තා කළේය.
තේ, රබර් ආශ්රිත නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික හා මුහුදු ආහාර අපනයනයෙන් ඉපැයීම් අඩුවීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. 2024 සැප්තැම්බර් මාසය සඳහා ඇස්තමේන්තුගත සේවා අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 329.89 ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 6.08% කින් වැඩි විය.
ඒ අනුව 2024 සැප්තැම්බර් මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයනය, 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 1.17% කින් අඩුවෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,267.84 ක් ලෙස වාර්තා විය.
Video Story