සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 286ක වාහන ගෙන්නලා

    November, 3, 2025

    පෞද්ගලික රථවාහන සහ වානිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ ආනයන වියදම, 2025 වසරේ සැප්තැම්බර් මාසය තුළ එක්සත් ජනපද ඩොලර් මිලියන 286ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    2025 සැප්තැම්බර් විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනේ, ඒ අනුව 2025 වසරේ පළමු මාස 09 සඳහා වූ මුළු වාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,204ක් වූ බවයි.

    ප්‍රධාන වශයෙන් වාහන ආනයනය වැඩිවීම හමුවේ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක් ඉක්මවා යාම හේතුවෙන්, 2025 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටී.