සැප්තැම්බර් මුල් සති දෙකේ දී සංචාරකයින් 75,000ක් ලංකාවට

    September, 16, 2025

    සැප්තැම්බර් මාසයේ පළමු දින 14 තුළ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 75,000 සීමාව ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එම කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 75,358ක් බවයි.

    ඒ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,641,881කි.

    සැප්තැම්බර් මාසයේ පළමු දින 14 තුළ සැප්තැම්බර් 12 වන දා 6,080ක වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇති දිනය ලෙස වාර්තා වී ඇත.

    මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වන රට ලෙස අඛණ්ඩව ඉන්දියාව වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 346,984ක් ලෙසයි.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් 156,855ක්, රුසියාවෙන් 120,314ක් සහ ජර්මනියෙන් 102,461ක් ලෙස වසරේ ගත වූ කාල සීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.