September, 26, 2014
ශ්රී ලංකාවට සුඛෝපභෝගී මගී නෞකා සේවාවක් ආරම්භ කිරීමට Royal Asian Cruises සමාගම ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹුණු අතර මෙහිදී සිදු කරන මූලික ආයෝජනය ඩොලර් මිලියන 33 කි.
මෙම සමාගම මේ වනවිට ඇමරිකාවේ සහ ඉන්දියාවේ කාර්යාල පවත්වාගෙන යන අතර ශ්රී ලංකාවේ ව්යාපාරික කටයුතු වෙනුවෙන් ඉදිරි වසර වලදී ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙන මුදල ඩොලර් මිලියන 200 කට ආසන්න වේ. සමාගම විසින් ලබන වසරේ අවසන් කාලයේදී මුලින්ම කොළඹ සිට මගී නෞකා සේවය ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.
මෙම සමාගම විසින් ශ්රී ලාංකිකයින්ටද රැකියා අවස්ථා උදාකර තිබේ.
Video Story