සැම්සුන්ග් ගැලැක්සි S5 ලෝක සවාරිය ඇරඹෙයි

    April, 11, 2014

    දකුණු කොරියානු සැම්සුන්ග් සමාගම විසින් නිපදවා තිබෙන නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන S5 ලෝකය පුරා අලෙවි කිරීම අද ආරම්භ කළබව වාර්තා වේ.

    ස්මාර්ට් ජංගම දුරකතන අලෙවිය අඩුවීම නිසා සැම්සුන්ග් සමාගමේ ලාභ පහළ යාම මෙම දුරකතනය සඳහා ලෝකයෙන් ලැබෙන ආකර්ශනය අනුව වැඩිවනු ඇතැයි විශ්ලේෂකයින් පවසා ඇත.

    පසුගිය වසරේදී ලෝකය පුරා අලෙවිකළ ස්මාර්ට් ජංගම දුරකතන වලින් සියයට 30 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලැබුවේ සැම්සුන්ග් සමාගම විසිනි.

    මෙය සමාගමට තරගයක් එල්ල කරන ඇපල් සමාගමේ දුරකතන අලෙවියට වඩා දෙගුණයක පමණ වැඩිවීමකි.