සැවොම පුදුම කරමින් ජපනාගේ නිමැවුම් වැටේ

    March, 31, 2014

    බොහෝ ආර්ථික විශ්ලේෂකයින්ගේ අනාවැකි සුනු විසුණු කර දමමින් ජපානයේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය බලාපොරොත්තු නොවූ ආකාරයට පසුබා තිබෙන බව වාර්තාවේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අනුව ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකය ලෙසින් වැජඹෙන ජපානයේ ආර්ථිකය ඉදිරියේදී පසුබානු ඇති බවයි.

    නිකුත් වී තිබෙන නවතම දත්ත වලට අනුව පසුගිය ජනවාරි මාසයේදී ජපානයේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය සියයට 2.3 කින් පහළ ගොස් තිබේ.

    වාර්තාවන ආකාරයට ලබන අප්‍රේල් 01 වනදා සිට ජපානයේ අලෙවි බද්ධ සියයට 05 ක සිට 08 ක් දක්වා ඉහළ දැමීමට සූදානම් වන අතර මේ හමුවේ කාර්මික නිෂ්පාදනය වැඩිවනු ඇතැයි බොහෝ විශ්ලේෂකයින් අනුමාන කර තිබුණි.