සෑම උත්සව අවස්ථාවක්ම උත්කර්ෂවත් කරන ද්වාරකා Dawn & Dusk උත්සව ශාලාව

    June, 28, 2024

    කොළඹ නගරයේ ප්‍රමුඛතම උතුරු හා දකුණු ඉන්දියානු නිර්මාංශ අවන්හලක් වන ‘ද්වාර්කා’, ඔබගේ පවුලේ මංගල උත්සව අවස්ථාවන් මෙන්ම ආයතනික උත්සව අවස්ථාවන්ද උත්කර්ෂවත් කරන Dawn & Dusk උත්සව ශාලාව පහසුවෙන් ළඟාවිය හැකි කොළඹ 04, මෙරීන් ඩ්‍රයිව් හි දැන් විවෘත කර ඇත.

    ඉන්දියානු සාගරයට මුහුනලා වීදුරු වලින් නිර්මාණය කළ මනස්කාන්ත උත්සව ශාලාවක් වන Dawn & Dusk ප්‍රධාන ශාලාව අති නවීන මහල් ගොඩනැගිල්ලක පළමු මහලේ පිහිටා ඇත. කුළුණු නොමැති උස් සිවිලිමකින් යුත් මෙම ශාලාව එයට ඇතුළු වන අමුත්තන්ට වැඩි ඉඩකඩක් සහිත සුවපහසු හා සැහැල්ලු හැඟීමක් ගෙනදෙයි. එමෙන්ම එය මැරීන් ඩ්රයිව් හි පිහිටා තිබීම හා වීදුරු වලින් නිමවා තිබීම නිසා අමුත්තන්ට ඉදිරියෙන් ඇති සුවිසල් ඉන්දියානු සාගරයේ නිල් වන් ජලකඳත් හිරු බැස යන සැඳෑවක ආශ්චර්යමත් දසුනත් සිත් සේ දැකගත හැක. ප්රධාන ශාලාවේ වට මේස ආකාරයට පුද්ගලයන් 220 දෙනෙකුට අසුන්ගත හැකි අතර සාමාන්යයෙන් දමිළ හෝ හින්දු විවාහ උත්සවවලදී දක්නට ලැබෙන නාට්යශාලාවක ආකාරයට නම් පුද්ගලයන් 500කට පහසුවෙන් අසුන් ගැනීමට ප්රමාණවත් ඉඩක් ඇත. ආහාර පාන මනාව තැබීමට මෙන්ම ක්‍රියාකාරීත්වයට හා හැසිරවීමටද පහසු වන ලෙස බිම් මහලේ පිහිටා ඇති බුෆේ ප්රදේශය වඩාත් ඉඩකඩ සහිතව නිමවා තිබේ. මංගල උත්සවයට සහභාගිවන්නන් හට වැඩි සුවපහසුවක් ලබාදීම සඳහා ශාලාවේ දෙවන මහලේ නානකාමර වලින්ද සමන්විත ඉඩකඩ සහිත කාමර දෙකක් වෙන් කර ඇති අතර ඒවා මනාලිය හා මනාලයාට ඔවුන්ගේ සුවිශේෂී දිනයේ ඇඳුම් මාරු කිරීම වැනි කටයුතු වෙනුවෙන් භාවිතා කළ හැක. මීට අමතරව Dawn & Dusk සතුව පුද්ගලික උත්සව සඳහා වෙන් කළ පුද්ගලයින් 80 දෙනෙකු දක්වා පහසුවෙන් රැඳවිය හැකි ශාලාවක්ද ඇති අතර එය අතර උපන් දින සාද, සංවත්සර සැමරුම්, ආයතනික සහ ව්‍යාපාරික වැනි අවස්ථාවන් සඳහා මනාව ගැලපේ.
    “ද්වාරකා ගමන් මගේ නවතම පරිච්ඡේදය වන Dawn & Dusk උත්සව ශාලාවේ ආරම්භය ගැන අපට ඇත්තේ විශාල සතුටක්. සුවිසල් ඉන්දියානු සාගරයේ මනරම් දසුනක් සහිත මැරීන් ඩ්රයිව් හි පිහිටා ඇති කොළඹ නගරයේ නවතම උත්සව ශාලාව වන මෙය ලොව විඳිය හැකි හොඳම අත්දැකීමට සමාන අත්දැකීමක් ගෙන දෙනවා. සුවිශේෂී සේවාවන් සහ රසවත් ආහාර පාන මගින් සෑම උත්සව අවස්ථාවක්ම අමතක නොවන එකක් බවට පත් කිරීමට අපගේ කණ්ඩායම පූර්ණ සූදානමිකින් සිටිනවා. එය පවුලේ විවාහ මංගල්යයක් වේවා නොඒසේ නම් ආයතනික උත්සවයක් වේවා, Dawn & Dusk ඒ සෑම අවස්ථාවක්ම උත්කර්ෂවත් අවස්ථාවක් කිරීමට සූදානම්.” යැයි මෙම සුවිසල් විවෘත කිරීමේ අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ද්වාරකා අධ්‍යක්ෂ පී. රාමනාදන් මහතා ප්‍රකාශ කළේය.  අපගේ සුවිසල් ද්වාරකා කාර්යමණ්ඩලය සතු සූපශාස්ත් ප්රවීණත්වය සහ පළපුරුද්ද සමඟින් Dawn & Dusk සියලුම උත්සව අවස්ථාවන් සඳහා සුවිශේෂී පිරිසිදු නිර්මාංශ උතුරු සහ දකුණු ඉන්දියානු ආහාර පාන ඔබට ලබාදෙන අතරම නොමිලේ ලබාදෙන Wi-Fi පහසුකම සහ වඩාත් ඉඩකඩ සහිත ආරක්ෂාකාරී වාහන නැවැත්වීමේ පහසුකම සෑම විටම ඔබගේ උත්සව අවස්ථාව කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගලායන බව තව තවත් සහතික කරයි.

    සැබෑ උතුරු සහ දකුණු ඉන්දියානු රසයන් සඳහා ඉතා ජනප්‍රිය පිරිසිදු නිර්මාංශ අවන්හලක් වන ද්වාරකා, 2015 වසරේ අංක 37, ජය පාර, කොළඹ 04 යන ස්ථානයේ දී මුලින්ම ආරම්භ කරන ලද අතර එහි දෙවන ශාඛාව 2020 වසරේ දී ගල්කිස්ස පරණ ගල්වල පාර, අංක 10 යන ස්ථානයේදී විවෘත කරන ලදී. අති නවීන පහසුකම් වලින් සමන්විත මෙම ශාඛාවන් දෙකම සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කර ඇති අතර වඩාත් ඉඩකඩ සහිත සුවපහසු අවන්හල් පරිශ්‍රය තුළ සිය දෙනෙකුට පමණ එකවර ආහාර පාන ලබාගත හැක. ආරම්භයේ සිටම නියම උතුරු හා දකුණු ඉන්දියානු ආහාර පාන වල ප්‍රණීත අව්‍යාජ රසය හා ගුණය සිය පාරිභෝගියන්ට ලබාදීම අරමුණු කරගත් ද්වාර්කා ඒ වෙනුවෙන්ම ඉන්දියාවෙන් ගෙන්වා ගත් විශේෂඥ සූපවේදීන්ගේ දැනුම හා සේවය ලබාගනී. ද්වාර්කා මෙනුවට අලුතින්ම එක් වූ "D&D Pizza" කොළඹ සිටින සියලුම පීසා ලෝලීන්ට රසවත් නිර්මාංශ ටොපිං වර්ග 06 කින් දැන් ලබාගත හැක.

    දැන් අපගේ පාරිභෝගිකයින්ට තමන්ගේ ප්රියතම ආහාර පාන Dwaraka හි විශේෂ බෙදාහැරීමේ සේවාව හරහා මෙන්ම Uber සහ PickMe සේවාවන් හරහා තම නිවසට හෝ කාර්යාලයට ගෙන්වා ගත හැකි අතර Dawn & Dusk මෙන්ම ද්වාර්කා පිළිබඳ තවත් විස්තර 0777 208 938 අංකය ඇමතීමෙන් හෝ www.instagram.com/dawn_and_dusk_pvt_ltd, www.instagram.com/dwaraka.colombo, and www.instagram.com/pizzabydnd යන instagram පිටු වෙත පිවිසීමෙන් ලබාගත හැක.