සිංගප්පූරුවේ Vitol Asia වෙත බැරල් 28 ලක්ෂයක බොරතෙල් කොන්ත්‍රාත්තුවක්

    January, 6, 2026

    2026-04-15 දින සිට 2026-08-14 දින දක්වා මාස හතරක කාලයක් වෙනුවෙන් මර්බන් වර්ගයේ බොර තෙල් බැරල් 2,800,000 ±5%ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා තිබේ.

    ඒ සඳහා සැපයුම්කරුවන් පස්දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.

    එකී ලංසු සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, මර්බන් වර්ගයේ බොර තෙල් බැරල් 2,800,000 ± 5%ක් (බැරල් 700,000 ± 5% බැගින් වූ නැව් තොග 04ක්) මිල දී ගැනීම සඳහා වූ දිගු කාලීන ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s. Vitol Asia Pte. Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.