October, 20, 2016
ප්‍රමුඛතම වෙළඳ නාම 40 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමට සැරසෙයි.
මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු සිංගර් ශ්‍රී ලංකා “සිංගර් ඌව උදානය 2016“ වෙළඳ ප්‍රදර්ශණය බණ්ඩාරවෙලදී පැවැත්වීමට සැලසුම් කරයි. මෙම වෙළඳ ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 23 වනදා සිට 25 වනදා දක්වා බණ්ඩාරවෙල නගර ශාලාවේදී පැවැත්වෙයි.
සිංගර් සමාගමේ වෙළඳ හා අලෙවි අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේ මෙරට ජනතාවගේ ගෘහස්ථ අවශ්‍යතා රැසක් සම්පූර්ණ කරන සිංගර් ආයතනය ඌව උදානය ප්‍රදර්ශනයේදී බණ්ඩාරවෙල සහ ඒ අවට ජනතාවට ජාත්‍යන්තර වෙළද නිෂ්පාදන විශේෂ වට්ටම් සහිතව සහ විශේෂ දීමනා රැසක් සමඟ ලබාදීමට සූදානම් බවයි. දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික ජාලය විසින් සිංගර් කෙරෙහි තබා ඇති විශ්වාසය හේතුවෙන් විශේෂ මිල ගණන් සහ සුවිශේෂි වට්ටම් සමඟ ලොව සුපිරි නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත තිළිණ කෙරෙන මෙවැනි විශේෂ අවස්ථා සංවිධානය කිරීමට හැකියාව ලබා දී ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. “ඌව උදානය 2016“ ප්‍රදර්ශනය බණ්ඩාරවෙල සහ ඒ අවට පාරිභෝගිකයින් ලද විශේෂ වරප්‍රසාදයක් වනු ඇති බවත් ඉන් එම පාරිභෝගිකයින් උපරිම ප්‍රතිලාභ අත් විඳිනු ඇති බව තමන් විශ්වාස කරන බවත් විජේවර්ධන මහතා සඳහන් කරයි.
සිංගර් ශ්‍රී ලංකා ආයතනය විසින් මෙරට අලෙවි කරන ජාත්‍යන්තර වෙළඳ නාම වලින් යුත් ලොව ප්‍රමුඛ නිෂ්පාදන 40 කට ආසන්න සංඛ්‍යාවක් ඌව උදානයේදී ප්‍රදර්ශණය කෙරේ.ශීතකරණ, රූපවාහිනී, රෙදිසෝදන යන්ත්‍ර, මුළුතැන්ගෙයි උපකරණ, සහ ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප් වැනි භාණ්ඩ රැසක් සුවිශේෂි වට්ටම් යටතේ මෙහිදී මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි. මීට අමතරව නව නිෂ්පාදන අත්හදා බැලීමේ අවස්ථා, දිනපතා දිනුම් ඇදීම් සහ තවත් ක්‍රියාකාරකම් රැසකින් “ඌව උදානය“ සමන්විත වෙයි.මීට අමතරව කුඩා දරුවන් සඳහා වන ක්‍රියාකාරකම්, තරඟ, ඉවුම් පිහුම් නිදර්ශක,මැහුම් ප්‍රදර්ශණ සහ නිදර්ශක, එම්බ්‍රොයිඩර් මැහුම් රටා, ආදී විනෝදජනක ක්‍රියාකාරකම් රැසක් සහ මහා සංගීත ප්‍රසංගයකින්ද මෙම ප්‍රදර්ශණය සමන්විත වෙයි.
දිවයින පුරා පැතිරුණ සිංගර් ශ්‍රීලංකා සතුව ඇති 420 කට අධික ප්‍රදර්ණාගාර ජාලය ඔස්සේ ලොව ප්‍රමුඛ නිෂ්පාදන රැසක් අලෙවි කෙරෙන අතර ඊට සමගාමීව දිවයින පුරා විහිදුන අලෙවියෙන් පසු සේවා ජාලයක් ද සිංගර් විසින් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන රටාව උසස් මට්ටමින් පවත්වාගෙන යාම සඳහා ප්‍රමුඛතාව ලබාදෙන සිංගර් සමාගම විසින් අඛණ්ඩව වසර 10 ක් තිස්සේ “වසරේ හොඳම ජනතා වෙළඳ නාමය“ බවටද පත්ව ඇත.
Video Story