සිංගර් විසින් BEKO – SONY ප්‍රදර්ශනාගාරයක් විවෘත කරයි

    December, 22, 2015

    පාරිභෝගික භාණ්ඩ අලෙවියේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම ලෝ ප්‍රකට ජනප්‍රිය නිෂ්පාදන වන සෝනි සහ BEKO නිෂ්පාදන සඳහා ප්‍රදර්ශනාගාරයක් විවෘත කරයි. මෙම ප්‍රදර්ශනාගාරය කොළඹ 8, ඩී එස් සේනානායක මාවතේ අංක 6 දරන ස්ථානයේ පිහිටා තිබේ. මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ගරු ටුන්කා ඔස්කුහේඩර්, සිංගර් ශ්‍රී ලංකා සමුහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ චන්දන සමරසිංහ, සෝනි ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධානි ඇලෙක්ස් යී යන මහත්වරු එක්ව සිටියහ.

    සිංගර් සමාගම ලෝ සුපතල BEKO නිෂ්පාදන වල මෙරට එකම බෙදාහරින්නා සහ සේවා සහකරු ලෙස වසර 2012 සිට කටයුතු කරයි. ගෘහ විදුලි උපකරණ නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛ වෙළද නාමයක් වන BEKO කාලීනව නව තාක්ෂණය හා මුසු වෙමින් නව නිෂ්පාදන වෙළඳ පොලට හඳුන්වා දෙමින් සිටියි. එමෙන්ම ලොව අග්‍රගන්‍ය නිෂ්පාදන පෙළක නිර්මාතෘවරුන් වන සෝනි සමාගම ජපන් තාක්ෂණයට අනුව කීර්තිමත් නිපැයුම් රැසක් ඉදිරිපත් කර තිබේ. ජාත්‍යන්තර වශයෙන් ලොව නම් දරා සිටින සෝනි නිපැයුම් මෙරට විශ්වසනීය සමාගමක් වන සිංගර් සමග එක්වීම නිසා ශ්‍රී ලාංකේය ජනතාවගේ හදගැස්ම හා බැදී සිටියි.

    මෙම අවස්ථාවට එක්ව සිටි සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළඳ හා අලෙවි අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කලේ ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට අද දිනය සුවිශේෂි වන බවයි. මේ අනුව පාරිභෝගික කැමැත්ත අනුව තෝරා ගැනීම සඳහා ලොව කීර්තිමත් වෙළඳ නාමයන් ගෙන් යුතු නිෂ්පාදන පෙළක් වෙළඳ පළට ඉදිරිපත් කර ඇති බව හෙතෙම පැවසීය. සිය සමාගම සතු වන සිංගර් “මෙගා“ ජාලය යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රදර්ශනාගාරයේදී ජීවිතය වඩා පහසු කරවන කීර්තිමත් නිපැයුම් වඩා විශ්වාසයෙන් සහ වගකීමෙන් යුක්තව මිලදී ගත හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙම ප්‍රදර්ශනාගාරයේදී ලෝ ප්‍රකට සෝනි රූපවාහිනි පෙළක්ම මිලදී ගත හැකිය. Xtra Protection TV, Android TVs, අඟල් 85” TV, සහ ලෝකයේ තුනී බවින් වැඩිම LED රූපවාහිනිය වන අඟල් 65” 4K LED TV ද ඒ අතර වෙයි. සෝනි නිෂ්පාදන අතර වන ශ්‍රව්‍ය උපකරණ අතර Shake-X7D සහ Shake-X1D, Audio Hi Fi Systems, හෝම් තියටර් සිස්ටම්ස් ද වෙයි. තවද මීට අමතරව ඩීවීඩී ප්ලේයර්ස්,සහ මෑතකදී හඳුන්වා දුන් Xperia Z5 ස්මාර්ට්ෆෝන් පෙළ ද වෙයි. තවද මීට අමතරව MDR හෙඩ්ෆෝන්ස්, Cybershot RX Series කැමරා ආදී නිෂ්පාදන පෙළක්ම මෙහිදී මිලට ගත හැකියි.

    BEKO නිෂ්පාදන අතර ශීතකරණ, අවන් ,රෙදි සෝදන යන්ත්‍ර, පිඟන් සෝදන යන්ත්‍ර, සහ වියලුම් යන්ත්‍ර ප්‍රමුඛ වෙයි. අනගි නිමාවකින් යතු මෙම නිෂ්පාදන සඳහා වසර 12ක වගකීම් සහතිකයක් ද හිමිවෙයි. මේ නිසා මෙම නවතම BEKO නිෂ්පාදන ඉතා ඉක්මනින් ශ්‍රී ලංකිකයින් අතර තවදුරටත් ජනප්‍රිය වනු ඇත.

    මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම නිමිත්තෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙයි. 2016 පෙබරවාරි මාසය දක්වා BEKO නිෂ්පාදන මිලට ගන්නා අය අතරින් විශේෂ කුසපත් ඇදීමකින් තෝරා ගන්නා ජයග්‍රාහක යුවළ 3 කට ස්පාඤ්ඤ සංචාරයක් හිමිවන අතර එහිදී ලෝක ශූර පාපන්දු කණ්ඩායමක් වන FC Barcelona පාපන්දු කණ්ඩායම මුණ ගැසීමට ද අවස්ථාව හිමිවෙයි. ලි යො නෙල් මිසි, නීමා, ලුවිස් සුවාරෙස් වැනි ක්‍රීඩකයින්ගේ සජීවී දක්ෂතා නැරඹීමේ අවස්ථාව උදා කරගත හැකිය.

    60 වන සංවත්සරය සමරන BEKO පිට පිට වසර හතක් පුරා යුරෝපයේ ඉහළ වර්ධනයක් සහිත වෙළඳ නාමය බවට පත්ව තිබේ.එමෙන්ම ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩා සමාජය වන FC Barcelona පාපන්දු කණ්ඩායමට අනුග්‍රාහක්වය ලබා දෙන්නේ ද BEKO විසිනි.

    වසර 160 ක කාලයක් පුරා මෙරට විශ්වාසය දිනු සිංගර් ශ්‍රී ලාංකේය ජන හදවත් තුළ රැදුනු වෙළඳ නාමයකි.එවන් සමීප බැඳීමක් සහිත වෙළඳ නාමයක් සමග ලොව ප්‍රමුඛ BEKO සහ සෝනි එක්ව මෙරට පාරිභෝගික ජීවන රටාව තවදුරටත් පහසු කරවමින් සුවිශේෂි සේවා රැසක් සපයමින් සිටියි.

    ඡායාරූප - (වමේ ) සිංගර් ශ්‍රී ලංකා සමුහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් , සෝනි ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධානි ඇලෙක්ස් යී , ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ගරු ටුන්කා ඔස්කුහේඩර් , සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ චන්දන සමරසිංහ (දකුණේ), යන මහත්වරුන් එම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.