සිංගර් වෘත්තීය පුහුණු ඇකඩමිය අසමසම පුහුණු වැඩසටහන් රැසක් සමගින් තාරුණ්‍යය සවිබල ගන්වයි

    June, 22, 2016

    අඛණ්ඩව වසර එකොළහක් මෙරට අංක එකේ සන්නාමය ලෙස කිරුළු පළන් සිංගර් සමාගම සිය ව්‍යාපාරික විශේෂඥතාව සහ තාක්ෂණික දැනුම අනාගත පරපුරට දායාද කරමින් විශේෂ වෘත්තීය පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

    වෘත්තීය පුහුණුව සහ ව්‍යාපාරික අවශ්‍යතා අතර ඇති බැඳීම තවදුරටත් සවිබල ගන්වමින්, සිංගර් සමූහයට අනුබද්ධිත සිංගර් වෘත්තීය පුහුණු ඇකඩමිය මෙරට තරුණ-තරුණියන්ගේ හැකියාවන් වර්ධනය කරමින් ඔවුන් මෙරට දියුණුවට දායක කර ගැනීමේ අපේක්ෂාව පෙරදැරිව ඔවුන් වෙනුවෙන් වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    වසර 164 ක අභිමානය සහ අඛණ්ඩව වසර 10 ක් පුරා මෙරට අංක එකේ සන්නාමය ලෙස හිමිකර ගෙන ඇති කීර්ති නාමය සමගින් සිංගර් සමාගම මෙරට තරුණ ප්‍රජාව තුළ වෘත්තීය කුසලතා සහ අධ්‍යාපන ඉලක්ක වැඩිදියුණු කිරීම වෙනුවෙන් කැප වී සිටියි.

    "අපගේ වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා සහභාගීවන සිසුන් හට එහිදී ලබා ගන්නා කුසලතා සහ හැකියාවන් තුළින් ඔවුන්ගේ රැකියා අවස්ථාවන් පුළුල් කර ගත හැකිවනවා. මෙරට ශ්‍රම බලකාය දැනුමින් පෝෂණය කරමින් මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය සහ ආර්ථිකය තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීම අපගේ අරමුණයි" සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා සඳහන් කළේය.

    පංති කාමර තුළ සිදු කෙරෙන න්‍යායාත්මක පුහුණුව සහ රැකියා පරිසරය තුළ සිදු කරන ප්‍රායෝගික පුහුණුව යන ක්‍රමවේදයන් දෙකම මෙහිදී භාවිතා කරන අතර ආරම්භයේදී පරිගණක දෘඩාංග ශිල්පී පුහුණු වැඩසටහන සහ අලෙවි කළමනාකරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    සිංගර් සමාගමේ වෘත්තීය පුහුණු ඇකඩමිය ඉහත පාඨමාලා දෙක සඳහා පිවිසෙනුයේ මෙරට ජනතාවගේ සිතුම්-පැතුම් මැනවින් හඳුනා ගත් සමාගමක් ලෙස මෙන්ම මෙරට විශාලතම අලෙවි ජාලය මෙන්ම සේවා ජාලය ද හිමි සන්නාමය ලෙසය.

    මීට අමතරව, ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා වෘත්තීය නිපුණතාවයක් ලබා ගැනීමට ඇති පිළිගත් ක්‍රමවේදයක අවශ්‍යතාව මෙම ඇකඩමිය හඳුනාගෙන ඇත. මෙම හිඩැස පුරවාලන විකුණුම් කළමනාකරණ වැඩසටහන, සිසුන්ට අවශ්‍ය දැනුම සහ කුසලතාවන් හිමිකර දෙන නවතම පුහුණු ආකෘතියකි. වැඩසටහන සඳහා සහභාගී වන්නන් හට රැකියා පරිසරය තුළදී ම පුහුණු වීමේ අවස්ථාව ද හිමි වීම විශේෂත්වයකි.

    මෙම ඇකඩමියේ පරිගණක දෘඩාංග තාක්ෂණ ශිල්පී වැඩසටහන සඳහා සහභාගී වන්නන් හට කුසලතාපූර්ණ කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන් බවට පත් වීමේ අවස්ථාව හිමි වේ. මෙම ව්‍යාපෘතිය තුළ තවත් ඉදිරි පියවරක් තබමින් සිසුන් හට සිංගර් පරිගණක අලුත්වැඩියා කටයුතු සිදු කරන නියෝජිත ආයතනවල රැකියා අවස්ථා ලබා දීම කෙරෙහි ද සිංගර් සමාගමේ අවධානය යොමු වී ඇත.

    පාසල් අධ්‍යාපනය හමාර කර ඇති හෝ ව්‍යවසායකයෙකු ලෙස සාර්ථක වීමට අපේක්ෂාවෙන් පසුවන හෝ තරුණ-තරුණියන් හට මෙම වැඩසටහන සඳහා සහභාගී විය හැකිය. තමන්ගේම නියෝජිතායතනයක් බිහි කර ගැනීම පිළිබඳ දැනුම ලබා දෙන විශේෂ ආකෘතියක් ද මෙම වැඩසටහනට ඇතුළත්වනු ඇත.
    ජාතික වෘත්තීය පුහුණු ක්‍රමවේදයන්ට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන් සඳහා නුදුරේදීම මෙරට අධ්‍යාපන පරිපාලන අංශවල අනුමැතිය හිමි වීමට ද නියමිතය.

    සිසුන් හට සාර්ථක වෘත්තීය ජීවිතයක් හිමිකර දීම සඳහා මෙම වැඩසටහන වෘත්තීය උපාධි මට්ටම දක්වා වර්ධනය කිරීම සිංගර් සමාගමේ අපේක්ෂාවයි.
    සහභාගී වන්නන්ගේ පහසුව සඳහා මෙම වැඩසටහන් සති අන්තයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    0766177177 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ sbs@singersl.com ලිපිනයට විද්‍යුත් තැපැල් පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ www.singerbusinessschool.com සහ www.facebook.com/singerbs/ වෙත පිවිසීමෙන් හෝ පුහුණු වැඩසටහන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.