සිංගර් සමාගම, නවතම iPhone 17 පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදා කර දෙයි 

    October, 20, 2025

    පාරිභෝගික විදුලි උපකරණ අලෙවියේ මෙරට ප්‍රමුඛතම අලෙවිකරු වන සිංගර්  සමාගම නවතම iPhone 17 නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත හඳුන්වා දෙන බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව එම නිෂ්පාදන පෙල 2025 ඔක්තෝබර් 22 වන දින හඳුන්වා දීමට නියමිත අතර එය මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින් හට සිංගර් සමාගම වෙතින් පෙර ඇණවුම් කිරීමේ හැකියාවද උදා කර දී ඇත.

    මෙම නවතම නිෂ්පාදන පෙල අතරට නවීන තාක්ෂණයෙන් හා ආකර්ෂණීය නිමාවකින්ද, විශිෂ්ට ක්‍රියාකාරීත්වයකින්ද යුත් iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro සහ iPhone 17 Pro Max අයත් වේ.

    මෙම හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිංගර් සමාගමේ අලෙවිකරණ අධ්‍යක්ෂ ජන්මේෂ් ඇන්තනී මහතා සඳහන් කර සිටියේ “ ලොව පුරා සුවහසක් පාරිභෝගිකයින්ගේ ආකර්ෂණය දිනාගත් iPhone 17 නිෂ්පාදන පෙල මෙරටට හඳුන්වා දීමට ලැබීම ගැන ඉතා සතුටුයි. අප විසින් අලෙවි කරනු ලබන විශිෂ්ට ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන අතරට තවත් ශක්තියක් වන මෙම නිෂ්පාදන පෙල හේතුවෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත Apple නිෂ්පාදනයන්හි නවතම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව උදා වනවා. සෑමවිටම ජාත්‍යන්තර තත්වයේ නිෂ්පාදන ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කර ඇති සිංගර් සමාගම, iPhone 17 අලෙවියෙන් පසු විශ්වසනීය සේවාව තුලින් පාරිභෝගිකයින්ට තව තවත් පහසුවක් අත්කර දීමට කටයුතු කරනවා”යනුවෙනි.

    මෙම නිෂ්පාදන පෙල යටතේ හඳුන්වා දෙනු ලබන iPhone 17 Air යනු Apple හි සිහින්ම ස්මාර්ට් ජංගම දුරකතනයයි. 5.6mm  ඝනකමකින් යුත් එය 6.5-inch OLED තිරයකින් සමන්විත වේ. එසේම A19 Pro චිපයකින් මෙන්ම ශක්තිමත් ටයිටේනියම් රාමුවකින් සුසැදි iPhone 17 Air පාරිභෝගිකයා වෙත ආකර්ෂණයක් මෙන්ම පිළිගැනීමක් එක් කරනු ලබයි.  1TB දක්වා ගබඩා කර ගත හැකි පහසුකම් සමඟින් පැය 27ක් දක්වා වීඩියෝ නැරඹීමේ හැකියාව ලබා දෙන ආකර්ෂණීය නිමාවෙන් යුත් සුවිශේෂී ස්මාර්ට් ජංගම දුරකතනය ලෙසද මෙය සඳහන් කළ හැකිය.

    මෙම නිෂ්පාදන අතරට iPhone 17, iPhone 17 Pro සහ iPhone 17 Pro Max යන නිෂ්පාදනයන්ද ඇතුළත් වේ. නව්‍ය තාක්ෂණික විශේෂාංගයන් ඇතුළත් සුවිශේෂී තිරය, කාර්යක්ෂමතාව හා සුපැහැදිලි කැමරා යනාදියෙන් සමන්විත මෙම නිෂ්පාදන පෙළ පාරිභෝගිකයින් වෙත අසමසම අත්දැකීමක් ලබා දීමට සමත් වනු නිසැකය. iPhone 17 අඟල් 6.3ක OLED තිරයකින්, A 19 චිපයකින් සහ 48MP Dual Fusion කැමරා සැකසුමකින් සමන්විත වේ. 48MP කැමරාවකින් සමන්විත සඡයදබැ iPhone 17 Pro ඡායාරූප සඳහා වඩාත් සුදුසු 8x optical-quality zoom තාක්ෂණයෙන් සකස් කර ඇත. එය වඩාත් ඉහළ මට්ටමේ භාවිතය සදහා A19 Pro චිපයකින් බලගැන්වීමද විශේෂත්වයකි. එසේම අඟල් 6.9ක OLED තිරයකින් යුත් iPhone 17 Pro Max,  2TB දක්වා වන ගබඩා පහසුවකින්ද යුක්ත වේ. තවද නැවත ආරෝපණයකින් තොරව දිගු වේලාවක් පහසුවෙන් භාවිත කළ හැකි අධි බලැති බැටරියකින් සමන්විත iPhone 17 Pro Max කාර්යක්ෂමතාවයෙන් ඉතා ඉහළ නිෂ්පාදනයක් ලෙසද පාරිභෝගිකයින් වෙත සුවපහසු අත්දැකීමක් ලබා දෙනු ඇත.

    Mist Blue, Lavender, Sage, Cosmic Orange සහ Deep Blue යනාදී තමන් කැමති හා තමන්ට ගැලපෙන වර්ණයකින් නවතම iPhone 17 නිෂ්පාදන පෙලෙහි ස්මාර්ට් ජංගම දුරකතනයක් තෝරා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයින් වෙත හිමි වේ.

    මෙරට ජනතාවගේ විශ්වාසය දිනාගත් සන්නාමයක් වන සිංගර් සමාගම Apple හි නවතම iPhone 17  නිෂ්පාදන පෙල පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාවද මෙරට පාරිභෝගිකයින් වෙත දැන් උදා කර දී තිබේ. ඒ අනුව Apple හි නවතම නිෂ්පාදන හා තාක්ෂණය පහසුවෙන් භුක්ති විඳීමේ අවස්ථාවද මෙරට පාරිභෝගිකයින්ට උදා වේ. ඒ සඳහා සිංගර් සමාගම වෙතින් පහසු ගෙවීමේ ක්‍රමයට හෝ ක්‍රෙඩිට් කාඩ් මඟින් වාරික ගෙවීමේ පහසුකම් යටතේ මෙම iPhone 17 නිෂ්පාදන පෙල මිලදී ගැනීමේ හැකියාවද ඔවුන් වෙත ලබා දී ඇත.

    ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම අවශ්‍ය සියලු නිෂ්පාදන ලබා දීමට කටයුතු කරන සිංගර් සමාගම සියලු වයස් කාණ්ඩයන්හි පාරිභෝගිකයින් සඳහා ජාත්‍යන්තරව පිළිගත් නිෂ්පාදන ලබා දීමට අඛණ්ඩව කැපවී සිටියි.

    iPhone 17 නිෂ්පාදන පෙල මිලදී ගැනීමේ පෙර ඇනවුම් දැන් www.singersl.com.  වෙතින් සිදුකළ හැකිය.