March, 10, 2016
ගෘහ භාණ්ඩ වෙළඳ පොලේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සහ යුරෝපයේ ගෘහ උපකරණ හා පාරිභෝගික විදුලි උපකරණ නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන BEKO එක්වී ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනින් ජයග්‍රහණය කළ යුවල 3 කට සහ වැඩිම BEKO අලෙවි වාර්තා තැබූ ශාඛා කළමණාකාරීත්වයේ දක්ෂතා දැක්වුවන් හට ස්පාඤ්ඤයේ සති අන්ත සවාරියක් යාමට සහ ලෝ සුපතල පාපන්දු ක්‍රීඩා තරු සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවෙයි.
BEKO වෙතින් පැවැත්වු “Trip to Spain “ප්‍රවර්ධන වැඩසටහන දිවයින පුරා පිහිටි සිංගර් අලෙවිසැල් වලදී ක්‍රියාත්මක විය. ඒ අතරින් පැවැත්වු මහා දිනුම් ඇදීමෙන් තෝරාගන්නා ලද ජයග්‍රාහකයින් මෙම ස්පාඤ්ඤ සංචාරයට හිමිකම් කියයි. බස්නාහිර පළාත් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ නිරීක්ෂණය යටතේ සිංගර් කළමණාකාරීත්වය විසින් පවත්වනු ලැබූ අවසාන සහ මහා දිනුම් ඇදීමේදී වාසනාවන්ත ජයග්‍රාහකයින් තෝරාගන්නා ලදී.
වසර 2014 සිට බාසිලෝනා ක්‍රීඩා සමාජය සහ BEKO එකඟතාවකින් කටයුතු කරයි.එතැන් පටන් වසර 4ක් දක්වා බාසිලෝනා පාපන්දු කණ්ඩායමට අනුග්‍රහය දක්වන්නේ BEKO විසිනි. මෙම අනුග්‍රාහක සබඳතාව නිරූපණය කරමින් බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ කණ්ඩායම් නිල ඇඳුමෙහි BEKO ලාංඡනය සටහන් කර තිබේ.
ඉන්දියාව සහ නැගෙනහිර කලාපයේ BEKO අලෙවි කළමණාකරු සෙහාන් මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කලේ “ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛ නිෂ්පාදන වලට ඇලුම් කරන සියලු දෙනා වෙනුවෙන් පුළුල්ව පැතිරුණු නිෂ්පාදන පෙළක් BEKO විසින් ඉදිරිපත් කර ඇති බවයි. සිය 60 වන සංවත්සරය සමරන ලොව පිළිගත් BEKO විසින් සිත්ගන්නා සුළු සහ සුපිරි නිපැයුම් පෙළක් වෙළඳ පලට ඉදිරිපත් කර ඇති බවත් එම නිපැයුම් වල පවතින ගුණාත්මක බව නිසාම අඛණ්ඩව වසර 7ක් පුරා යුරෝපයේ අංක එකේ ගෘහ විදුලි උපකරණ වෙළඳ නාමය ලෙස කීර්තියට පත්ව ඇති බවත්“ හෙතෙම පැවසීය.
මෙම අවස්ථාව අමතමින් අදහස් දැක්වු සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි සහ වෙළඳ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේ “සිංගර් ශ්‍රී ලංකා සහ BEKO ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් සිය පාරිභෝගිකයා වෙත වාසි රැසක් හිමිවන බවයි. වේගයෙන් වෙනස් වන නාගරික ජීවන රටාව තුළ ජීවත්වන බොහෝ දෙනා ලොව ප්‍රමුඛතම වෙළඳ නාම සහිත නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් ඒ හේතුවෙන් BEKO වැනි ප්‍රමුඛ නිෂ්පාදනයන් මෙරට පාරිභෝගිකයින් වෙත තිළිණ කිරීමට ලැබීම මහත් භාග්‍යයක් බවත් ය. ඒ වෙනුවෙන් ඇරඹි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් මෙතෙක් තම ජීවිතයේ අත්විඳ ඇති හොඳම අත්දැකීම ස්පාඤ්ඤ සංචාරයේදී අත්විඳිනු ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. ලොව සුපතල පාපන්දු ක්‍රීඩාංගණයක් වන NOU ක්‍රීඩාංගණයේදී පාපන්දු සුපිරි තරු වන ලියොනෙල් මෙසී, නේමාර් සහ ලුවිස් සුවාරෙස් ආදී ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ආකාරය සජීවී ව සියැසින් දැකබලා ගැනීමට ලැබීම තම ජීවිත කාලය තුළ ලද හැකි ඉතාම දුර්ලභ සහ ප්‍රීතිජනක අත්දැකීමක් වනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ලෝ සුපතල BEKO නිෂ්පාදන අතුරින් ශීතකරණ, ගෑස් මෙන්ම විදුලි උදුන් , රෙදිසෝදන යන්ත්‍ර, සහ පිඟන් සේදීමේ යන්ත්‍ර සහ වියළුම් උපකරන ආදිය ශ්‍රී ලංකාවේ දී අලෙවි කරයි.සියලුම BEKO නිෂ්පාදන වසර 12 ක වගකීමේ සහතිකයක් සමඟ අලෙවි කෙරේ. වසර 2012 සිට BEKO නිෂ්පාදන මෙරට එකම බෙදාහරින්නා සහ බලයලත් සේවා නියෝජිතයා වන්නේ ද සිංගර් ශ්‍රී ලංකා සමාගමයි.
Video Story