සිංගර් සහ BEKO වෙතින් දින 30 ක් පුරා නැවුම් බව සුරකින නවතම ශිතකරණ පෙලක්

    July, 22, 2016

    පාරිභෝගික භාණ්ඩ වෙළඳ පළේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් බෙදාහරිනු ලබන ජාත්‍යන්තර වෙළඳ නාමයක් වන BEKO සන්නාමය යටතේ නවතම මාදිලියේ ශීතකරණ පෙළක් හඳුන්වා දෙයි. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සහ එම සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවති උත්සවයකදී මෙම නවීන ශීතකරණ පෙළ හඳුන්වාදෙන ලදී.

    BEKO හි මෙම නව ශීතකරණ මඟින් ආහාර වල නැවුම්බව ආරක්ෂා කිරීම පිළිබඳ සහතිකයක් ලබාදෙයි. එමගින් ආහාර වල විටමින් ආදී පෝෂණීය කොටස් වලට හානියක් නොවන අතර එම පෝෂ්‍ය පදාර්ථ වල ගුණය එලෙසින්ම මුළු පවුලටම ලබාගැනීමේ හැකියාව පවතී. EverFresh+® තාක්ෂණය යටතේ නිමවා ඇති මෙම නවතම ශීතකරණ ඊට ආවේණික විශේෂාංග රැසකින් සමන්විත වෙයි. දිනපතා නැවුම් ආහාර රසවිදීමට කැමති ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා ඉලක්ක කරගනිමින් මෙම ශීතකරණ පෙළ නිමවා තිබේ.

    BEKO හි EverFresh+® තාක්ෂණය මඟින්, භාවිත නොකළ එළවළු සහ පළතුරු වල නැවුම් බව කාලයක් තිස්සේ ආරක්ෂා කරයි. දින කිහිපයක් ශිතකරණයේ තබන එළවළු සහ පළතුරු භාවිතයෙන් තොරව ඉවත් කිරීම සාමාන්‍ය සිරිතයි. නමුත් මෙම ශිතකරණ තුළ දින 30 කට ආසන්න කාලයක් පුරා එම එළවළු සහ පළතුරු නැවුම් ලෙස මෙන්ම, පෝෂ්‍ය පදාර්ථ ආරක්ෂා වන පරිදි තබාගත හැකිවෙයි. (ලොව ප්‍රමුඛ පරීක්ෂණ, තහවුරුකිරීම් සහ අත්හදාබැලීම් මෙන්ම සහතික කිරීමේ ආයතනයක් වන SGS හි අනුමැතිය සහිතයි) මෙම විශේෂාංගය මඟින් තෙතමනය නිසි පරිදි ආරක්ෂා කෙරෙන අතර ඝනීභවනය වීම අවම කරයි. උෂ්ණත්වය නොවෙනස්ව තැබීම තුළින් සාමාන්‍ය ශිතකරණවලට වඩා තුන් ගුණයකින් නැවුම් බව ආරක්ෂා කර දෙයි. ඒ අනුව මෙම නැවුම් එලවළු සහ පළතුරු ආහාරයට ගැනීම මඟින් සෞඛ්‍ය සම්පන්න සහ රසවත් ආහාර රසවිදීමේ අවස්ථාව පවතියි.

    BEKO හි Active Fresh Blue Light තාක්ෂණය මගින් අන් ශීතකරණ වලට වඩා එළවලු සහ පළතුරු වල නැවුම් බව 30%කින් ආරක්ෂා කර දීම මෙන්ම ඒවායේ විටමින් C ගුණය ද ආරක්ෂා කර දෙයි.

    සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ 2013 වසරේ සිට BEKO වෙළඳ නාමය සමඟ කටයුතු කරන බවයි. මේ වනවිට BEKO නිෂ්පාදන අලෙවිය ඉතා සීඝ්‍ර වශයෙන් වැඩිවී ඇති බවත් හෙතෙම සඳහන් කලේය. යුරෝපයේ ප්‍රමුඛතම වෙළඳ නාමය වන BEKO ගතවූ වසර කිහිපය තුළ ආසියාව තුළද ප්‍රමුඛ ‍වෙළඳ නාමයක් බවට පත්ව ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට එක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා සඳහන් කළේ BEKO හි නවතම ශීතකරණය දේශීය වශයෙන් පවතින ඉල්ලුම ඉලක්ක කරගනිමින් හඳුන්වාදීමට අවස්ථාව හිමිවීම පිළිබඳව සතුටට පත්වන බවයි. ජාත්‍යන්තර කීර්තිය දිනූ යුරෝපයේ අංක 1 වෙළඳ නාමය වන BEKO හි මෙම නවතම ශීතකරණ පෙළ ශ්‍රී ලංකාව තුළ ඉක්මනින් ජනප්‍රිය වනු ඇති බවට විශ්වාසය කරන බව ද හෙතෙම සඳහන් කළේය. BEKO විසින් සුවිශේෂි නිෂ්පාදන පෙළක් නව පරපුර වෙත තිළිණ කර ඇති බව පවසන හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේ නවතම සොයාගැනීම් වලින් යුත් විශිෂ්ට මෝස්තර වල නිෂ්පාදන රැසක් ඒ අතර වන බවයි.

    අන් කවරදාටත් වඩා මෙම යුගය තුළ බලශක්ති අරපිරිමැස්ම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇත. ProSmart inverter තාක්ෂණය යටතේ නිපදවෙන BEKO නිෂ්පාදන සඳහා A+ බලශක්ති ශ්‍රේණිගත කිරීම් හිමිව ඇති අතර 30% කින් ශක්තිය වැය වීම අවම කරයි. එම නිසා බලශක්ති අරපිරිමැස්ම අතින් ඉහළ නිෂ්පාදනයක් ලෙස මෙම ශීතකරණ හැදින්විය හැකිය.

    NeoFrost තාක්ෂණය සහිතව එන BEKO ස්මාර්ට් ශීතකරණ තුළ තෙතමනය ආරක්ෂා කරදීම සහ අධි ශීතකරන කලාපයේ සිසිලස සහ ශීත කිරීමේ ක්‍රියාවලිය ඉතා හොදින් සිදුවෙයි. ද්විත්ව ශීත කිරීමේ තාක්ෂණයක් සහිත ශීතකරණය සහ අධිශීතකරණය යන කොටස් ස්වාධීන සිසිල් කිරීමේ පද්ධතියකින් සමන්විත වන නිසා තෙතමනය උපරිම ආකාරයෙන් ආර්ක්ෂා කර දෙයි.මේ නිසා එළවළු සහ පළතුරු වල ගබඩා ආයු කාලය දීර්ඝ කර දෙයි. මෙම ශීතකරණ වල ඇති IronGuard තාක්ෂණය නිසා ආහාර වල සුවඳ පිටතට වහනය වීමකින් තොරව පවත්වාගෙන යාමට හැකිවෙයි. මේ හේතුවෙන් ශීතකරණය පුරා නිරතුරුවම නැවුම් සුවඳ ආරක්ෂාකර දෙයි.

    නව හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ BEKO හි නැගෙනහිර ආශ්‍රිත සහ ඉන්දියාවේ වෙළඳ කළමණාකාරු සෙහෑන් සීහෑන් මහතා සඳහන කළේ BEKO ස්මාර්ට් ශීතකරණ හඳුන්වා දෙමින් නැවුම් එළවළු සහ පළතුරු රසවිඳින්නට සියලු ශ්‍රී ලාංකිකයින්ට තමන් ඇරයුම් කරන බවයි. ආවේණික වූ විශේෂතා රැසක් සමගින් එන මෙම ශීතකරණ ඔනෑම මුළුතැන්ගෙයකට සරිලන වර්ණ සහ ප්‍රමාණ වලින් යුක්ත වන බවද හෙතෙම සඳහන් කළේය.

    එමෙන්ම BEKO විසින් හඳුන්වාදෙන ගෘහ උපකරණ කිසිදු සැකයකින් තොරව භාවිත කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. සියලුම BEKO නිෂ්පාදන සඳහා ලබාදෙන ආකාරයේ වසර 12ක ජාත්‍යන්තර වගකීමේ සහතිකයක්ද හිමිවන බැවින් එම පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු වී ඇති බව හෙතෙම සඳහන් කළේය.

    නවතම BEKO ශිතකරණ රුපියල් 69,999 සිට අලෙවියට ඇති අතර දිවයිනේ පුළුල්තම බෙදාහැරීම් ජාලය වන සිංගර් හි සිංගර් මෙගා , සිංගර් ප්ලස්, සහ සිසිල් වර්ල්ඩ් ප්‍රදර්ශනාගාර ඇතුළු දිවයින පුරා පිහිටි 420 කට අධික අලෙවි සැල් වලින් මිලදී ගත හැකිය. සිංගර් අලෙවිසැල්වල පමණක් මෙරටදී මිලදී ගතහැකි BEKO නිෂ්පාදන අඛණ්ඩව වසර 7ක් පුරා යුරෝපයේ වේගවත් වර්ධනයක් සහිත වෙළඳ නාමය ලෙස ශ්‍රේණිගත කර තිබේ. එමෙන්ම යුරෝපයේ අංක එකේ ස්වාධින ගෘහ උපකරණ වෙළඳ නාමය ලෙස BEKO තවමත් ප්‍රමුඛස්ථානයේ පසුවෙයි. ශිතකරණ, විදුලි උදුන් සහ ගෑස් උදුන්,රෙදිසෝදන යන්ත්‍ර, පිඟන් සෝදන යන්ත්‍ර සහ වියලුම් යන්ත්‍ර, ආදී BEKO නිෂ්පාදන ඉහළ තාක්ෂණයෙන් මෙන්ම නවීන විලාසිතා අනුව නිපදවයි. 60 වන සංවත්සරය සමරන BEKO වසර 7ක් තිස්සේ යුරෝපයේ වේගවත් වර්ධන වේගයක් සහිත වෙළඳ නාමය වන අතර යුරෝපයේ සුදු පැහැ ගෘහ විදුලි උපකරණ නිපදවීමේ ප්‍රමුඛයා ද වෙයි. BEKO ලෝකයේ හොඳම පාපන්දු කණ්ඩායමක් වන FC Barcelona කණ්ඩායමේ අනුග්‍රාහකත්වය දරයි. වසර 2013 සිට BEKO හි බලයලත් එකම බෙදාහරින්නා වන්නේ සිංගර් සමාගමයි.