November, 30, 2015
මුළුතැන්ගෙයි උපකරණ සඳහා ඉන්දියාවේ ප්‍රමුඛ නාමය වන Prestige සහ සිංගර් අතර සබැඳියාවට දශක දෙක ඉක්මවයි
පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ මෙරට විශාලතම අලෙවි ජාලය හිමි සිංගර්, ඉන්දියාවේ ප්‍රමුඛතම මුළුතැන්ගෙයි උපකරණ නිෂ්පාදකයා වන Prestige හා එක්වී නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි. Prestige වීදුරු මතුපිට සහිත ගෑස් කුකර් , Prestige මික්සර් ග්‍රයින්ඩර්, Prestige වෙට් ග්‍රයින්ඩර් , Prestige ප්‍රෙෂර් කුකර් මාදිලි පෙළක් සහ Prestige නොඇලෙන ඉවුම් පිහුම් බඳුන් යන නිෂ්පාදන කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙනSinger Lifestyle වෙළඳ ප්‍රදර්ශනයේ දී හඳුන්වා දුන්නේය. මෙම අවස්ථාවට සිංගර් ශ්‍රී ලංකා සමාගම් සමුහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්, ඉන්දියාවේ TTK Prestige සමාගමේ සමාන්‍යාධිකාරි නරසිං රාජ්කුමාර් යන මහත්වරු එක්ව සිටියහ.
“ගෘහණියගේ අභිමානය“ යන තේමාව යටතේ මෙම මුළුතැන්ගෙයි උපකරණ පෙළ හඳුන්වා දී ඇති අතර මෙම උපකරණ භාවිත කිරීම සහ එහි පහසුව පිළිබද දැනුවත් කිරීමක් ප්‍රවීණ සුපවේදී ඩොන් ෂර්මන් විසින් ඉදිරිපත් කරන ලදී. Prestige නිෂ්පාදන සමග ආරක්ෂාකාරී ලෙස මුළුතැන්ගෙයි කටයතු කළ හැකි අතර අවම කාලයක් යටතේ,අඩු පිරිවැයකින් ආහාර පිසගැනීමට ද අවස්ථාව සැලසෙයි. වසර ගණනාවක් පුරා Prestige ප්‍රෙෂර් කුකර් කෙරෙහි තැබු විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට මෙම නව නිෂ්පාදන පෙළ සමත් වනු ඇත.
මෙම අවස්ථාවට එක්වු සිංගර් ශ්‍රි ලංකා සමාගම් සමුහයේ ප්‍රධාන විධායක අසෝක පීරිස් මහතා සඳහන් කළේ සිංගර් සහ Prestige අතර පවතින දශක දෙකක සබඳතාවය තව දුරටත් තහවුරු වී ඇති බවයි. එම කාලය පුරා පාරිභෝගිකයින්ට සැබෑ අභිමානයක් ලබාදීමට හැකිවු බව ද ඒ මහතා පැවසීය.මේ නිසා පාරිභෝගිකයා සැකයකින් තොරව Prestige නිෂ්පාදන සිය ජීවිතයට සම්බන්ධ කරගත් බවත්,නව නිෂ්පාදන කෙරෙහිද එම පාරිභෝගික බැඳීම එලෙසින්ම පවතින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. වසර ගණනාවත් අද්වීතිය වෙළද නාමයක් වන Prestige සමග නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට ලැබීම භාග්‍යයක් බවද ඒ මහතා පැවසීය.
ආරක්ෂාව , නව්‍යකරණය , කල් පැවැත්ම සහ විශ්වාසය අතින් ඉහළ Prestige නිෂ්පාදන, මුළුතැන්ගෙයි උපකරණ අතර පළමු තේරීමයි. Prestige වෙළඳ නාමය දශක දෙකකට අධික කාලයක් පුරා මෙරට පාරිභෝගිකයාගේ හදවතේ රැඳී තිබේ. එමෙන්ම විශ්වාසයෙන් යුතු පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර් වෙතින් Prestige නිෂ්පාදන ඛෙදා හැරීම ද පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කරයි. මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්වු Prestige ප්‍රෙෂර් කුකර් සුපිරිසිදු ඇලුමිනියම් වලින් ශක්තිමත්ව නිපදවයි. අතිශය ජනප්‍රිය Prestige මික්සර් ග්‍රයින්ඩරය ලොව ප්‍රමුඛ නිෂ්පාදන අතර ඇති සම්මානලාභී නිෂ්පාදනයකි. ලෝකයේ ආරක්ෂාකාරී ගෘහ විදුලි උපකරණ ශ්‍රේණිගත කිරීමේ සහතිකය වන CB සහතිකයද මෙම Prestige මික්සර් ග්‍රයින්ඩරයට හිමිවී තිබේ. ලීටර් 2 ප්‍රමාණයේ ග්‍රයින්ඩරයක් වන Prestige වෙට් ග්‍රයින්ඩරය සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් ඔබ්බට යමින් නවීන තාක්ෂණයට අනුව නිපදවා තිබේ.
TTK Prestige සමාගමේ සාමාන්‍යධිකාරී නරසිං රාජ්කුමාර් මහතා සඳහන් කළේ ලොව සුපතල නිෂ්පාදනයක් වන Prestige පසුගිය දශක දෙකකට අධික කාලයක් පුරා සිංගර් හා එක්වී ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාගේ විශ්වාසය දිනාගෙන ඇති බවයි. එම විශ්වාසය තහවුරු කරමින් නව නිෂ්පාදන පෙළක් හඳුන්වාදීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බව ද ඒ මහතා පැවසීය. ඉදිරියේදී Prestigeවෙතින් හඳුන්වා දෙන නව්‍ය නිෂ්පාදන සියල්ල කඩිනමින් පාරිභෝගිකයා වෙත තිළිණ කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය.
Prestige නිෂ්පාදන නිපදවීම සහ අපනයනය සිදුකරන්නේ TTK Prestige සමාගම විසිනි. TTK Prestige සමාගම මේ වනවිට මුළුතැන්ගෙයි උපකරණ නිපදවන විශාලතම ඉන්දීය සමාගමයි. Prestige නිෂ්පාදන මේ වනවිට එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, සහ යුරෝපීය කලාපය මෙන්ම ආසියානු කලාපයේ රටවල් වෙත අපනයනය කරයි.
වගකීමක් සහිතව පාරිභෝගිකයින් වෙත භාණ්ඩ අලෙවි කිරීම සහ අලෙවියෙන් පසු සේවය සම්බන්ධයෙන් සිංගර් සමාගම සපයන සේවාව පිළිබඳව අවිවාදිත ය. සිංගර් අලෙවි ජාලය තුල කීර්තිමත් ජාත්‍යන්තර වෙළඳනාම සමුහයක් පවතියි. සිංගර් සතුව පවතින අලෙවිසැල් 400 කට අධික ප්‍රමාණය සහ 200 කට අධික සේවා ස්ථාන හරහා මෙම කීර්තිමත් නිෂ්පාදන පාරිභෝගිකයා වෙත තිළිණ කෙරෙයි. සිංගර් ප්ලස්, සිංගර් මෙගා, සිසිල් වර්ල්ඩ්, සහ දිවයින පුරා පැතිරුණ අලෙවි ජාලයක් සිංගර් සතුව පවතියි.
වසර 164 ක කාලයක් පුරා මෙරට පාරිභෝගිකයාගේ හද ගැස්ම වටහාගත් සිංගර් ජාත්‍යන්තර ප්‍රමුඛ වෙළඳ නාම පෙළක් මෙරට පාරිභෝගිකයා වෙත තිළිණ කරමින් තවදුරටත් පාරිභෝගික විශ්වාසය තහවුරු කරගෙන සිටියි. පුළුල්ව විහිදුන අලෙවි ජාලය හරහා ශ්‍රී ලංකාවේ සෑම පාරිභෝගිකයෙකු වෙතම සිය නිෂ්පාදන සමීප කරවීමට සිංගර් සමාගමට හැකියාව ලැබී තිබේ. මේ තුළින් සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්‍යතාව මැනවින් වටහා ගනිමින් ඊට විසඳුම් ඉදිරිපත් කිරීමට සිංගර් සමාගම සමත් වී තිබේ.
Video Story