සිගරට් බදු ඉහළට

    September, 28, 2016

    සිගරට් හා දුම්කොළ නිෂ්පාදන මත පනවා ඇති බදු සංශෝධනය කිරීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව පිළිබඳ සලකා බැලීම පිණිස පත් කරනු ලැබූ අමාත්‍ය කමිටුවේ නිර්දේශය පරිදි, 15%ක එකතු කළ අගය මත වන බද්ද (VAT) සිගරට් සඳහා නැවත පැනවීමටත්, දැනට ක්‍රියාත්මක වන නිෂ්පාදන බද්ද ඕනෑම ප්‍රමාණයක සිගරට්ටුවක් සඳහා රුපියල් 5/-කින් වැඩි කිරීමටත්, බීඩි කොළ ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයකට පනවනු ලබන ආනයන සෙස් බද්ද රුපියල් 2,000/- සිට රුපියල් 3,000/- දක්වා වැඩි කිරීමටත්, මෙයට අමතරව වෙනත් ක්‍රියාමාර්ගද අනුගමනය කරමින් රටෙහි දුම්කොළ භාවිතය අවම කිරීම සඳහා පියවර ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.