February, 5, 2026
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව, දින පහක් පුරා සංදර්ශන හතක් ලෙස පැවැත්වෙන මෙම වෙස්ට් එන්ඩ් බලපත්‍රලාභී ගීත නාට්‍ය උත්කර්ෂයෙන් පිළිගැනුමට කොළඹ නගරය සුදානමින් සිටී;
අද (05) කොළඹ සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්රීමස් හෝටල් පරිශ්‍රයේ මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී, සිනමන් ලයිෆ් සහ ජෝන් කීල්ස් පදනම එක්ව ඉදිරිපත් කරන සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව වේදිකාගත කිරීමට නියමිත වෙස්ට් එන්ඩ් බලපත්‍රලාභී ලා බම්බා! වෙරාකෲස් හි ගීතය, ගීත නාට්‍ය පිළිබඳව නිවේදනය කරනු ලැබීය.
මෙම ගීත නාට්‍ය නිෂ්පාදනය මෙම වසරේ අප්‍රේල් 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ, සිටි ඔෆ් ඩ්රීමස් - සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පුරා දින පහක් ප්‍රසංග හතක් ලෙස ඉදිරිපත් කෙරේ. උද්යෝගිමත් හා මනහර නාට්‍ය අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් ජාත්‍යන්තර මෙන්ම දේශීය දක්ෂතා ද එකට එක් කරමින් මෙම නාට්‍ය නිෂ්පාදනයට ශ්‍රී ලාංකික නළු නිළියන්ද එක්කරගැනීම සඳහා කුසලතා පරීක්ෂණයක් ද පැවැත්වේ.
ජාත්‍යන්තර නාට්‍ය නිෂ්පාදනයේ සුවිශේෂී සලකුණක්
ලා බම්බා! වෙරාකෘස් හි ගීතය යනු මෙක්සිකානු උරුමයෙන් ආභාෂය ලැබූ විචිත්‍රවත් සංගීතය, නැටුම් සහ කතන්දර ඇතුළත් අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දෙන වෙස්ට් එන්ඩ්-බලපත්‍රලාභී වෘත්තීය ගීත නාට්‍යයකි. මෙම නාට්‍ය නිෂ්පාදනය වාදකයින් 19 දෙනෙකුගෙන් සහ සංගීතඥයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද ඇතුළුව 40 කට අධික කාර්ය මණ්ඩලයක සහයෙන් සිදුවන අතර, සම්පූර්ණ වේදිකා නිර්මාණය, වෙස්ට් එන්ඩ් නිෂ්පාදනවල පරිමාණය මෙන්ම නවීනත්වය පිළිබිඹු කරයි.
වෙස්ට් එන්ඩ් සහ ජාත්‍යන්තර නිෂ්පාදන පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ලන්ඩනයේ පිහිටි නාට්‍ය නිෂ්පාදන සමාගමක් වන පෝල් මොරිසි ලිමිටඩ් සමඟ හවුල්කාරිත්වයෙන් යුතු මෙම ප්‍රදර්ශනය ගෝලීය වශයෙන් සැකසුණු නාට්‍යක නිර්මාණාත්මක අධ්‍යක්ෂණය, නිෂ්පාදන ගුණාත්මකභාවය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය සහතික කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් පෝල් මොරිසි සමාගමේ නිර්මාතෘ පෝල් මොරිසි පැවසුවේ "ලා බම්බා! යනු විවිධ සංස්කෘතීන් ඔස්සේ සිදුවන සහයෝගීතාවයේ සැමරුමක්. දේශීය කුසලතා පරීක්ෂණ හරහා ශ්‍රී ලාංකික රංගන ශිල්පීන්ටද ජාත්‍යන්තර කලාකරුවන් සමඟ එක්ව මෙම නිෂ්පාදනයට සහභාගී වීමට අප ඉඩ සලසන අතර, ප්‍රේක්ෂකයින් සඳහා විවිධත්වයෙන් යුතු, උද්යෝගිමත් රංගනයක් නිර්මාණය කෙරෙනවා" යනුවෙනි.
සිනමන් ලයිෆ්: ගෝලීය විනෝදාස්වාදය වෙනුවෙන් වෙන්වූ වේදිකාව
සිනමන් ලයිෆ් මින් පෙරද ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති අතර, 2018 වසරේ පෙබරවාරි මාසයේදී ද සවුන්ඩ් ඔෆ් මියුසික් සහ එම වසරේම දෙසැම්බර් මාසයේදී වෙස්ට් එන්ඩ් නිෂ්පාදනයක් වන මමා මියා! යන නිර්මාණ ද්විත්වයම වෙනත් ස්ථානයක පවත්වන ලද අතර, එහිදී එක් එක් ප්‍රසංගයේ විවිධ දර්ශන වාර වෙනුවෙන් ප්‍රවේශපත් 7,000 කට වඩා අලෙවි විය. පසුගිය වසරේ උත්කර්ෂවත් ලෙස විවෘත කිරීමෙන් පසු, සිනමන් ලයිෆ් විසින් තමන්ගේ අති නවීන හෝටල් පරිශ්‍රයේදී ප්‍රථම වරට මෙම පරිමාණයේ නිෂ්පාදනයක් ඉදිරිපත් කරන අතර, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදය අත්දැකීමක් ලබාදෙන මධ්‍යස්ථානයක් ලෙස කොළඹ නගරයේ සුදුසුකම් මේ ඔස්සේ තවදුරටත් ශක්තිමත් කෙරේ.
ආසන 900 කට අධික ධාරිතාවයකින් නිර්මාණය කර ඇති සිනමන් ලයිෆ් හි ප්‍රේක්ෂකාගාරය, දියුණු පසුබිම් සහ නාට්‍යෝපකරණ පහසුකම් සහිත මහා පරිමාණ රංගනයන් සඳහා පහසුකම් සැලසීමට සැකසුණු වේදිකාවක් වේ. ජාත්‍යන්තර සහ ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් සඳහා විශිෂ්ඨ ගණයේ වේදිකා පරිසරයක් සපයන මෙහි පුරා දින පහක්, සංදර්ශන හතක් ඉදිරිපත් කිරීම සඳහා සම්පූර්ණ පහසුකම් සහ හැකියාව තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ හෝටල් හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ සිනමන් ලයිෆ් හි සාමාන්‍යධිකාරී කමල් මුණසිංහ මහතා පැවසුවේ "ලා බම්බා! සමඟින්, අපි කොළඹදී ප්‍රේක්ෂකයින්ට සුවිශේෂී රංග ශාලාවක නාට්‍යක් රසවිඳීමේ අත්දැකීම භුක්ති විඳිය හැකි වේදිකාවක් නිර්මාණය කරනවා. නගරයේ සංස්කෘතික ප්‍රදානයන් පොහොසත් කිරීමට මෙන්ම වෘත්තීය පසුබිමක දේශීය කුසලතා වර්ධනයට සහාය වීම උදෙසා අපගේ කැපවීම මෙම නිෂ්පාදනය මගින් පෙන්නුම් කරනවා," යනුවෙනි.
ජෝන් කීල්ස් පදනම: සංස්කෘතික සහභාගීත්වයට දක්වන සහයෝගීත්වය
ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ආයතනය වන ජෝන් කීල්ස් පදනම (JKF), ලා බම්බා! සඳහා ප්‍රසංගය ඉදිරිපත් කිරීමේ හවුල්කරු වේ. 2005 වසරේදී පිහිටුවන ලද ජෝන් කීල්ස් පදනම, ජාතික ප්‍රමුඛතා සමඟ පෙළගැස්වූ ප්‍රජාවන් හරහා සංවාදය, නිර්මාණශීලිත්වය සහ සමාජ සහජීවනය පෝෂණය කිරීමේදී කලාවන් ඉටු කරන කාර්යභාරය වෙනුවෙන් වූ දිගුකාලීන මුලපිරීම් සඳහා සහාය දක්වනු ලැබේ. ලා බම්බා! හි මෙම ප්‍රසංග සහභාගීත්වය, රටක් ලෙස අපට ප්‍රවේශ විය හැකි, උසස් තත්ත්වයේ සංස්කෘතික වේදිකා හරහා ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක කර්මාන්තවලට සහාය වීම වෙනුවෙන් දරන තිරසාර උත්සාහයන් පිළිබිඹු කරයි.
ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශයේ ප්‍රධානී කාමලින් ජයසූරිය මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසුවාය: “ලා බම්බා! සමඟ හවුල් වීමට සහ ජාත්‍යන්තර විශේෂඥතාව සහ දේශීය කලාත්මක බව එකට එක් කරන කලා නිෂ්පාදනයකට සහාය වීමට ලැබීම පිළිබඳව ජෝන් කීල්ස් පදනම සතුටු වෙනවා. ශ්‍රී ලාංකික කලාකරුවන්ට ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට සහ වර්ධනය කරගැනීමට මෙන්ම ගෝලීය සංස්කෘතික වේදිකාව තුළ ශ්‍රී ලංකාව නිසි ලෙස ස්ථානගත කිරීමට උපකාර වීම සඳහා ලැබුණු අපූරු අවස්ථාවක් ලෙස අපි මෙය සළකනවා.”
නිෂ්පාදනයකට සහාය වන දේශීය අධ්‍යක්ෂණය
වෘත්තීය නාට්‍යවේදී කලාකීර්ති ජෙරොම් ලක්ෂ්මන් ද සිල්වාගේ සහය අධ්‍යක්ෂණය යටතේ මෙහි දේශීය නළු නිළියන් මෙහෙයවනු ලැබේ. සංගීත රංග කලාව සහ වේදිකා අධ්‍යක්ෂණය පිළිබඳ දශක පහකට වැඩි පළපුරුද්දක් ඇති ජෙරොම් මහතා, මහා පරිමාණ, සමූහ-ප්‍රදර්ශන නිෂ්පාදන පිළිබඳ ඉහළ විශේෂඥතාවක් මීට එක් කරන අතර, ඒ ඔස්සේ ලා බම්බා! හි රංගනයේ විශිෂ්ඨත්වය එහි බටහිර අන්ත මූලයන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් යන දෙපිරිස අතරම රැව් දෙන බව සහතික කරයි.
"ලා බම්බා! යනු රිද්මය, චලනය සහ ආඛ්‍යානයෙන් පොහොසත් නිෂ්පාදනයක්. කතන්දර ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් පොහොසත් , විවිධත්වයෙන් යුතු ඒකාකාරී නොවන රංගනයන් මුසු කරන මෙම ගීත නාට්‍යයේ කොටසක් වීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් වන අතර, මෙම විචිත්‍රවත් සංදර්ශනය විවිධාකාර ප්‍රේක්ෂකයින් සඳහා ජීවයෙන් යුතුව කරළියට ගෙන ඒම සඳහා අපගේ දේශීය නළු නිළියන්ට මඟ පෙන්වීමට මම බලාපොරොත්තු වෙනවා," යනුවෙන් මේ පිළිබඳව අදහස් දැක්වූ ජෙරොම් මහතා පැවසීය.
ප්‍රවීණ වේදිකා නාට්‍ය, නර්තන රචනය සහ සජීවී සංගීතය මුසු කරමින් නිර්මාණය කර ඇති මෙම නිෂ්පාදනය ඔස්සේ ශ්‍රී ලාංකික රංගන ශිල්පීන්ට වෘත්තීය නිෂ්පාදන ශිල්පීය ක්‍රමවලට නිරාවරණය වීමට අවස්ථාව ලැබෙන අතර ප්‍රේක්ෂකයින් ට වෙස්ට් එන්ඩ් ඉදිරිපත් කිරීම් හා සමාන සංදර්ශනයක් භුක්ති විඳීමට ඉඩ ප්‍රස්තාව හිමිවේ.
මෙම සීමිත ප්‍රදර්ශන කාලයක් සහිත නාට්‍ය නිෂ්පාදනය නැරඹීම සඳහා කලින් ආසන වෙන්කරවා ගැනීමට සහ වෙස්ට් එන්ඩ් නිෂ්පාදන ප්‍රසංගයක විශිෂ්ඨත්වය කොළඹදී සජීවීව දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයින් දිරිමත් කරනු ලැබේ. මෙහි සියලුම ප්‍රසංග අංග සඳහා ප්‍රවේශපත්‍ර www.cinnamonboxoffice.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකි අතර, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් හෝ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මාස්ටර් කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් කරන ප්‍රවේශපත් මිලදී ගැනීම් වෙනුවෙන් 10% ක විශේෂ වට්ටමක් පිරිනැමේ.
ලා බම්බා! වෙරාකෲස් හි ගීතය, සිනමන් ලයිෆ් සහ ජෝන් කීල්ස් පදනම විසින් ඉදිරිපත් කරනු ලබන අතර, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව, ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් විසින් බලගන්වනු ලැබේ. ප්‍රසංගයේ නිල අනුග්‍රාහක දායකත්වය ලෙස ඉමොරිච්, නිල චොකලට් අනුග්‍රාහකත්වය ලෙස රෙවෙලෝ, නිල සිනමා අනුග්‍රාහකත්වය ලෙස ස්කෝප් සිනමා, සහ නිල එළිමහන් ඩිජිටල් මාධ්‍ය හවුල්කරු ලෙස එමර්ජින් මීඩියා, මේ හා අත්වැල් බැඳ ගනී.

Video Story