සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් එහි ‘The Gathering of Giants’ වැඩසටහන හරහා ජෛවවිවිධත්වය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කරයි

    September, 11, 2024

    සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, සිනමන් නේචර් ට්‍රේල්ස් සමඟ එක්ව සෙලාන් බැංකුවේ හවුල්කාරිත්වය ඇතිව සිය දෙවෙනි වාර්ෂික ‘The Gathering of Giants’ වැඩසටහන අගෝස්තු මස 9 වෙනි දා සිට 11 වෙනි දා දක්වා පැවැත් වූ අතර මෙම වැඩසටහන, ලොව පුරා වෙසෙන වනජීවීලෝලීන්, සංරක්ෂකයන් සහ සොබාදහමට ආදරය කරන්නන් ආකර්ෂණය කර ගන්නා ලදී. මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල විශ්මයජනක අලි ඇතුන් එකතු කර ගෙන පවත්වන මෙම උත්සවය නරඹන්නන්ට ජීවිත කාලයටම එක්වරක් පමණක් දැක ගත හැකි අපූර්වතම දර්ශනයක් අත්විදීමේ අවස්ථාව ලබා දුනි.

    සම්භාවනීය සංරක්ෂණ විෂය ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද සංඛ්‍යා දත්ත මූලික කරගත් නව දැනුම ප්‍රවර්ධනය කරන සැසි මාලාවකින් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. ආචාර්ය සුමිත් පිලපිටිය, ආචාර්ය ප්‍රීත්විරාජ් ප්‍රනාන්දු සහ රොහාන් පෙතියාගොඩ විසින් ආසියානු අලිඇතුන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ වනජීවීන් මුහුණදෙන සංරක්ෂණ අභියෝගයන් සම්බන්ධයෙන් අගනා අවබෝධයක් ලබා දෙන ලදි. සිය ක්ෂේත්‍රයන් තුළ ඉහළ ගෞරවාදරයට පාත්‍ර වුණු මෙම ප්‍රවීණයන් පසුගිය වසරයන්හී ඔවුන් කළ පර්යේෂණ සමඟ ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් බෙදා දෙමින් මෙම සත්ව කොට්ඨාශය සිය වාසස්ථාන අහිමිවීම සහ මිනිස් අලි ගැටුම වැනි තර්ජනවලින් ආරක්ෂා කර ගනිමින් අඛණ්ඩ සංරක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කරන ලදී.

    මෙම වැඩසටහනේ විශේෂත්වයක් වූයේ සුප්‍රකට ඉන්දියානු සංරක්ෂකයෙකු සහ කතුවරයෙකු වන වාල්මික් තාපර්ගේ ප්‍රධාන දේශනයයි. ඉන්දියාවේ රන්තම්බෝර් ජාතික වනෝද්‍යානයේ ජනප්‍රිය ව්‍යාඝ්‍රයෙකු වන ‘චාජර්’ ගේ ජීවිතය පිළිබඳව විස්තර කරමින් තාපර් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තේ ය. ඉන්දියාවේ වඩාත්ම කැපිපෙනෙන විශාලතම බළලුන්ගෙන් කෙනෙකු වන ‘චාජර්’ රන්තම්බෝර් ජාතික වනෝද්‍යානයට නව ජීවයක් ලබා දෙන ලදි.

    මෙම හරබර සැසියන්ට අමතරව සහභාගීවූවන්ට මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල ආසියානු අලිඇතුන් එක්රැස්වන ආකාරය දැක බලා ගැනීමට හැකි වූ අතර මෙමගින් ඔවුන්ට අලිඇතුන්ගේ සංකීර්ණ හැසිරීම් සෘජුවම නිරීක්ෂණය කිරීමට මෙන්ම විශේෂඥයන් විසින් සාකච්ඡා කළ සංරක්ෂණ උත්සහයන් පිළිබද අවබෝධය පුළුල් කර ගැනීමේ අවස්ථාව ද ලැබුණි. පෞරාණික මින්නේරිය වැව ආශ්‍රිතව අලිඇතුන් රංචු ගැසීම, දියනෑම සහ පෝෂණය කිරීම සහභාගීවූවන්ට අමතක නොවන දර්ශනයක් වූ අතර ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමය පිළිබද දැඩි ඇගයීමක් ඇති කරන ලදී.

    මෙම වැඩසටහන රාත්‍රී භෝජන සංග්‍රහයකින් අවසන් වූ අතර සහභාගීවූවන් දින තුන පුරා ලබා ගත් දැනුම සහ අත්දැකීම් පිළිබිඹු කරමින් ‘The Gathering of Giants’ වැඩසටහනේ සාර්ථකත්වය සමරන ලදී. මෙම සන්ධ්‍යාව, වනජීවී සංරක්ෂණයේ වැදගත්කම පිළිබදව දැනුවත් කිරීම පමණක් නොව සාමකාමී අලි මිනිස් සහජීවනය ප්‍රවර්ධනය කිරීමෙහිලා සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් හී කැපවීම පිළිබිඹු කළ වැඩසටහනක අවසානය සනිටුහන් කරන ලදී.

    සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් හී නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හිෂාන් සිංහවංශ මහතා මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවේ ය. “ සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සංරක්ෂණ ප්‍රයන්තයන්හී පුරෝගාමියෙක්. මෙරට සුවිශේෂී ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම සහ තිරසාර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙහිලා අපගේ කැපවීම සඳහා ‘The Gathering of Giants’ වැඩසටහන මනා නිදර්ශනයක් සපයනවා. සංරක්ෂකයන් සහ වනජීවීලෝලින් අතර දැනුම බෙදා ගැනීමේ සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන වේදිකාවක් වූ මෙම වැඩසටහන මෙහෙයවීමට ලැබීම අපට ගෞරවයක්.”

    ශ්‍රී ලංකා රිසෝට්ස්හී ප්‍රාදේශීය උපසභාපති යොහාන් අස්කාන් මහතා මෙසේ පැවසුයේ ය. “සිනමන් හබරණ සංකීර්ණය ලංකාවේ තිරසාර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙහිලා පුරෝගාමීව ක්‍රියා කිරීම පිළිබඳව නිහතමානීව සතුටු වෙනවා. / ආඩම්බර වෙනවා . ‘The Gathering of Giants’ යන්න හුදෙක් වැඩසටහනක් පමණක් නොව එමගින් ස්වාභාවික පරිසරය සුරැකීමට මෙන්ම මිනිසුන් සහ වනජීවීන් අතර පවත්නා සියුම් සමතුලිතතාවය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබාදීමෙහිලා අපගේ කැපවීම ප්‍රබල ලෙස නිදර්ශනය කරනවා. ජාත්‍යන්තර පිළිගැනීම ලත් ආසියාවේ මහා අලි එකතුව ලෙස හැඳින්වෙන වනජීවී වැඩසටහන සමග මෙම වැඩසටහන පෙළගැස්වීමෙන් අපට මෙම ස්වාභාවික සංසිද්ධිය සංරක්ෂණය කිරීමේ දැඩි වැදගත්කම අවධාරණය කිරීමට හැකියාව ලැබුණා. සංචාරකයන්ට සොබාදහම අත්දකිමින් එහි සංරක්ෂණයට දායක වන ප්‍රධාන වනජීවී මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමේ පුළුල් උපායමාර්ගික එක් පියවරක් ලෙස මෙම වැඩසටහන හැඳින්විය හැකියි. පාරිසරික තිරසාරත්වය සඳහා වූ අපගේ කැපවීම අපගේ මෙහෙයුම් කටයුතුවල සෑම අංශයකින්ම පිළිබිඹූ කරන අතර මෙවැනි වැඩසටහන් අපිට ගෝලීය සංරක්ෂණ ප්‍රයන්තයන්ට ක්‍රියාකාරීව දායක වීමට අවස්ථාව ලබා දෙමින් අපගේ අනාගත පරම්පරාවන්ට මෙම අපූරු ස්වාභාවික දායාද අඛණ්ඩව දැක බලා ගැනීමේ හැකියාව තහවුරු කරනවා.”

    සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සහ සිනමන් නේචර් ට්‍රේල්ස් ජාත්‍යන්තරව සහ දේශීයව දැනුවත්භාවය වර්ධනය කරමින් මෙම ස්වාභාවික දායාද සංරක්ෂණය කිරීමෙහිලා අඛණ්ඩව ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ අපූරු ස්වාභාවික සංසිද්ධියක් අනාගත පරම්පරාවන් සදහා ආරක්ෂා කිරීමෙහිලා වූ අපගේ කැපවීම පිළිබදව මනා නිදර්ශනයක් ලෙස මෙම වැඩසටහන දැක්විය හැකි ය.

     

    සිනමන් හබරණ සංකීර්ණය පිළිබඳව

    සිනමන් ලොජ් හබරණ සහ සිනමන් හබරණ විලේජ්, සිනමන් හබරණ සංකීර්ණය ලෙස හැඳින්වෙන අතර එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණය මධ්‍යයේ පිහිටා ඇති වනජීවී සහ සොබාදහමට ආදරය කරන්නන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයකි. පාරිසරික තිරසාරත්වය සඳහා වූ කැපවීම සම්බන්ධයෙන් නම් දරන මෙම සංකීර්ණය, ලෝක ප්‍රකට මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන ඇතුළු මෙම ප්‍රදේශයේ සුවිශේෂී ස්වාභාවික ස්ථාන සදහා අසමසම ප්‍රවේශයක් ලබා දෙමින් සුඛෝපභෝගී නවාතැන් පහසුකම් ලබා දෙයි.

    වමේ සිට දකුණට - සිනමන් හබරණ සංකීර්ණයේ සාමාන්‍යාධිකාරී මුර්ෆඩ් ෂාරිෆ්, සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ප්‍රීත්විරාජ් ප්‍රනාන්දු, සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥ සහ භාරකරු ආචාර්ය ජෙනිෆර් පැස්ටෝරිනි, අලි මිනිස් මර්දන ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන සහ තාක්ෂණ උපදේශක ආචාර්ය සුමිත් පිලපිටිය, සිනමන් නේචර් ට්‍රේල්ස්හි උපසභාපති චිත්‍රාල් ජයතිලක, ජෛව රසායනික ඉංජිනේරු රොහාන් පෙතියගොඩ, කතෘ සහ සංරක්ෂක වාල්මික් තාපර්, සංජනා කපූර්.

    ඉ-ප: සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ප්‍රීත්විරාජ් ප්‍රනාන්දු, අලි මිනිස් මර්දන ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන සහ තාක්ෂණ උපදේශක ආචාර්ය  සුමිත් පිලපිටිය, ජෛව රසායනික ඉංජිනේරු රොහාන් පෙතියගොඩ, කතෘ සහ සංරක්ෂක වාල්මික් තාපර්.