March, 4, 2025
වසර 2030 වන විට රටේ විදුලිබල ඉල්ලුමෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරනු ලබයි.
එම ප්‍රතිපත්තියට අනුව, සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය විදුලිබල උද්‍යාන පහසුකම එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇත.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගාවන් සිදු නොකරන හෙක්ටයාර 219.7233ක භුමි භාගයක් හඳුනාගෙන තිබේ.
යෝජිත ව්‍යාපෘතියේ උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් කඩිනමින් ආරම්භ කිරීමට හැකි වන පරිදි හෙක්ටයාර 219.7233ක ඉඩම ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලබා දීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story