සියරා කේබල්ස් සමාගමේ මිලියන 172 ක වංචාවක්

    May, 13, 2014

    සියරා කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ තම ගිණුම්වල රුපියල් මිලියන 172 ක හිඩැසක් ඇතිවී තිබෙන බව අනාවරණය වූ නිසා ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවයි.

    මේ අනුව, සියරා කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කොළඹ කොටස් වෙළඳ පොළින් ඉල්ලා තිබෙන්නේ සමාගමේ කොටස් ගනුදෙනුවීම තාවකාලිකව අත්හිටුවන ලෙසයි.

    ගිණුම් වාර්තාවල ඇතිවී තිබෙන හිඟය පිළිබඳව KPMG විගණන සමාගම විසින් සියරා කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර ඇත.

    ඉදිරියේදී සිදුකරන පරීක්ෂණ වලදී යමෙකු වංචාවක් සිදුකර ඇතැයි ඔප්පු වුවහොත් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව සමාගම සඳහන් කර තිබේ.