July, 9, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය අද (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී සිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒතත 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපකේෂව ඒකක 129.37ක ඉහළ යාමක් වේ.
මේ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 36.89කින් ඉහළ ගොස් ඒකක 5,358.64ක් ලෙසින් සටහන් විය.
එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, HNB, සෙන්ට්රල් ෆයිනෑන්ස් කම්පැනි, RIL Property සහ මෙල්ස්ටාකෝප් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.
අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 5.98 ක් ලෙසයි.
Video Story