සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,500 සීමාව පසුකරයි

    October, 25, 2024

    2024 වසරේ මැයි 10 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) දිනයේ දී ඒකක 12,500 සීමාව ඉක්මවා යන ලදි.

    ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 44.08 කින් ඉහළ ගොස් 12,517.58 ලෙසින් සටහන් විය.

    මේ අතර S&P SL20 මිල දර්ශකය දැක්වුනේ ඒකක 39.00 කින් ඉහළ ගොස් ඒකක 3,759.30 ක් ලෙසයි.

    අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.75 ක් ලෙසන් සටහන් විය.

    සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ජෝන් කීල්ස් හෝල්ඩිංස්, කොමර්ෂල් බැංකුව, LOLC හෝල්ඩිංග්ස් DFCC බැංකුව සහ සිලෝන් ටොබැකෝ කම්පැනි යන සමාගම් ඉහළ ධනාත්මක දායකත්වයක් ලබාදීමට සමත්වී තිබුනි.