November, 12, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (12) දිනයේ දී ඒකක 13,000 සීමාවට ළඟා වීමට සමත්ව තිබුණේය.
එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.67කින් ඉහළ ගොස් ඒකක 12,988.99ක් ලෙසින් වාර්තා විය.
S&P SL20 දර්ශකය ඒකක 37.84 කින් ඉහළ ගොස් ඒකක 3,892.27 ක් ලෙසින් දැක්වුණි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, CT හෝල්ඩිංග්ස්, බුකිට් ඩාරා සහ DFCC බැංකුව යන සමාගම්වලින් අද සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.
අද ගනුදෙනු පිරිවැටුම වාර්තා වුනේ රු. බිලියන 4.29ක් ලෙසයි.
එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.18 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.20 ක් ලෙසින් සටහන් වුණි.
මේ අතර අද විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 108 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 83 ක් ලෙසින් සටහන්ව තිබුණි.