සියලු කොටස් මිල දර්ශකය යළි 7,000 න් මෙපිටට එයි

    November, 4, 2015

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය, අද දින දෛනික ගනුදෙනු ආරම්භ වී පැය භාගයකින් පමණ පසු ඒකක 7,000 සීමාවන් මෙපිටට පැමිණියේය. එහිදී උදෑසන 10.02 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,998.97 ක් ලෙසින් සටහන් විය.

    මීට පෙර අවසාන වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,000 න් මෙපිට මට්ටමක පැවතියේ පසුගිය ජූලි 13 වැනිදාය. එදින ගනුදෙනු ආරම්භයේ දී එම අගය ඒකක 6,992.03 ක් ලෙසින් වාර්තා විය. ඉන් පසු 2015 අගෝස්තු 19 වන දින ඒකක 7,531.28 ක් දක්වා ඉහළ නැඟි සියලු කොටස් මිල දර්ශකය, එතැන් පටන් වාර්තා කළේ පසුබසින ස්වභාවයකි.