July, 20, 2023
අද (20) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී කඩඉමක් පසුකරනු ලැබීය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,000 සීමාව අභිබවා ගිය අතර 2022 මාර්තු 04 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය මෙම සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වේ.
අද දින ඒකක 99.54 ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකයෙහි වාර්තා වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 11,026.83 ක් ලෙසින් සටහන් විය.
අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට සමාගම් 110 ක් විසින් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණු අතර එහිදී සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, එයිට්කන් ස්පෙන්ස්, මෙල්ස්ටාකෝප් සහ සිලෝන් ටොබැකෝ කම්පැනි යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.
රු. බිලියන 4.17 ක පිරිවැටුමක් අද දින වාර්තා වී තිබේ.
Video Story